අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඌව පළාතේ සත්කාර සේවා වැඩසටහන් පිළිබඳ දැනුවත් කිරීම අද සිට

    මැයි 24, 2014
    ගමකින් ගමකට ගෙයකින් ගෙයකට ප්‍රජා අවශ්‍යතා සපුරාලීමේ රජයේ ජංගම සේවා ජාතික වැඩසටහන යටතේ බදුල්ල සහ මොනරාගල දිස්ත්‍රික්කයන්හි ග්‍රාමීය ප්‍රජා සත්කාර සේවා 886ක් ලබන ජුනි මස සිට ආරම්භ වේ.
     
    ඒ පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන් 12ක් ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද ( 24) ආරම්භ වන අතර 25, 26 සහ ජුනි 07 යන දිනයන්හිදී ද බදුල්ල සහ මොනරාගල දිස්ත්‍රික්කයන්හි පැවැත්වේ.
     
    ප්‍රජා අවශ්‍යතා විසදීම සහ ජනබලගැන්වීම වෙනුවෙන් දැනුවත් කිරීමේ වැඩසටහන් මහජන නියෝජිතයින් සහ රාජ්‍ය නිලධාරින් ආසන මට්ටමින් ක්‍රියාත්මක කෙරේ.  
     
    ඒ අනුව අද හපුතලේ, බණ්ඩාරවෙල, ඌව පරණගම, වැලිමඩ දී දැනුවත් කිරීමේ වැඩසටහන් පැවැත්වෙනු ඇත.  හෙට (25) මහියංගනය, පස්සර, බදුල්ල, හාලි ඇළ ප්‍රදේශවලදී ද දැනුවත් කිරීම් පැවැත්වේ. 26 දා වැල්ලවාය සහ බිබිල ප්‍රදේශවලදී ද, ජුනි 07 වැනිදා මොනරාගල සහ වියළුවේද දැනුවත් කිරීම් පැවැත්වේ. 
     
    ඌව පළාත තුළ ලක්ෂ 12ක් පමණ ජනතාවක් ජීවත්වන අතර ඉන් බහුතරයකට මේ යටතේ සෙත සැලසෙනු ඇත. රජයේ අමාත්‍යංශ 35ක ජ්‍යේෂ්ඨ නිලධාරින්ද දෙපාර්තමේන්තු සහ ආයතන රාශියක් සහ ඌව පළාත් සභාවේ ආයතනවල ඉහළ පෙළේ ප්‍රධානීන්ද මෙම ජංගම සේවා සත්කාර වැඩසටහන්වලට එක්ව ‍ගැටලු විසඳීමට ක්‍රියාකාරිව දායක වෙති.
     
    මෙම රැස්වීම් සඳහා අමාත්‍යවරුන් වන නිමල් සිරිපාල ද සිල්වා, ඩිලාන් පෙරේරා, ජගත් පුෂ්පකුමාර, සුමේධා ජයසේන, විජිතමුණි සොයිසා, ලක්ෂ්මන් සෙනෙවිරත්න, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන උදිත් ලොකුබණ්ඩාර, වෛද්‍ය රෝහණ පුෂ්පකුමාර, විජිත් බේරුගොඩ මහත්වරුන් ඇතුළු ජනතා නියෝජිතයින්ද, දිසාපතිවරුන් ඇතුළු ඉහළ පෙළේ රාජ්‍ය නිලධාරින් ද සහභාගි වීමට නියමිතය.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya