අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රන්බිම ව්‍යාපෘතියෙන් උතුරු මැද ජනතාවට හිසට සෙවණක්

    මැයි 24, 2014

    උතුරු මැද පළාත් ප්‍රධාන අමාත්‍ය එස්.එම්. රංජිත් සමරකෝන් මහතාගේ සංකල්පයක් අනුව පළාතේ අසරණ පවුල් සඳහා හිසට සෙවණක් ලබාදීමේ අරමුණින් 'රන්බිම නිවහන' නිවාස ව්‍යාපෘතිය නමින් නව ව්‍යාපෘතියක් ආරම්භ කර තිබේ.


    මෙම රන්බිම නිවහන පළමු අදියරේ දී නිවාස තිහක් ඉදිකිරීමට අපේක්ෂිතය. ඉදිකෙරෙන එක් නිවසක් රුපියල් දහතුන් ලක්ෂයක වටිනාකමකින් යුක්ත වේ.


    ඉදිරි කාලයේදී  උතුරු මැද පළාතට අයත් අනුරාධපුර හා පොලොන්නරුව දිස්ත්‍රික්කයේ අසරණ පවුල් සඳහා රන්බිම නිවහන ව්‍යාපෘතිය යටතේ නිවාස ඉදිකිරීමේ කටයුතු‍ ව්‍යාප්ත කෙරෙනු ඇත.


    තිරප්පනේ සහිරාගම සුනන්දා රූපසිංහ මහත්මිය ඇතුළු පවුලට ලබාදෙන නිවස ඉදිකිරීමට මුල්ගල් තැබීමේ අවස්ථාවට එක්වු එස්.එම්. රංජිත් සමරකෝන් මහතා නිලධාරීන්ට උපදෙස් ලබාදී ඇත්තේ ප්‍රතිලාභී පවුල් පක්ෂ හා ජාති භේදයෙන් තොරව තෝරාගන්නා ලෙසයි.


    මැදවච්චිය තුලාවෙල්ලිය පුල්එළියේ පදිංචි එච්. රූපලතා ඇතුළු පවුල වෙනුවෙන්ද කැබිතිගොල්ලෑව කුඩා බෙල්ලන්කඩවල පදිංචි සිසිර කරුණාරත්න මහතා ඇතුළු පවුල වෙනුවෙන් ද රන්බිම නිවාස ඉදිකිරීම් කටයුතු ආරම්භ කර තිබේ.


    නිවාස ඉදිකිරී‍මේ කාර්යයට උතුරු මැද පළාත් ප්‍රධාන අමාත්‍යංශය, ඉදිකිරීම් පහසුකම් ලබා දේ. නිවාස ඉදිකෙරෙන ප්‍රදේශයට අයත් පළාත් පාලන ආයතන, ප්‍රාදේශීය ලේකම් කාර්යාල හා පොලිසිය, හමුදාව හා සිවිල් ආරක්ෂක බලකාය ඒකාබද්ධව මෙම ඉදිකිරීම් කටයුතු සිදුකරනු ලබයි.


    HC

    Ranbima housing project NCP 1

    Ranbima housing project NCP 2

    Ranbima housing project NCP 3

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya