අප්‍රේල් 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නුගේගොඩ පඤ්ඤෝදය පිරිවෙන් ධාතු මන්දිරය අද විවෘත වෙයි

    මැයි 25, 2014
    නුගේගොඩ ගංගොඩවිල පඤ්ඤෝදය මූලික පිරිවෙනේ අබිනව ධාතු මන්දිරය විවෘත කිරීමේ පුණ්‍ය මහෝත්සවය අද (25) සවස 6.50ට යෙදෙන සුභ මොහොතින් සිදු කෙරේ.
     
    සර්වඥ ධාතූන් වහන්සේලා, සැරියුත් මුගලන් ධාතූන් වහන්සේලා සහිත සධාතුක කරඬුව අද පස්වරු 4.30ට බම්බලපිටිය වජිරාරාම විහාරස්ථානයේදී අමරපුර ශ‍්‍රී ධර්මරක්ෂිත මහ නිකායේ මහනායක රාජකීය පණ්ඩිත අති පූජ්‍ය ත‍්‍රිකුණාමලේ ආනන්ද මහනාමියන්ගේ සුරතින් ලබා ගෙන රථ පෙරහැරින් විජයාරාම රජමහා විහාරස්ථානය වෙත වැඩම කරනු ලැබේ.
     
    එම සර්වඥ ධාතු කරඬුව විජයාරාම රජමහා විහාරාධිපති සද්ධර්ම කීර්ති ශ‍්‍රී අමුණුමුල්ලේ ජිනරතන නායක හිමියන්ගේ සහභාගිත්වයෙන් එතැන් සිට පුද පූජා සහිත පෙරහැරෙන් වීථි සංචාරය කොට ගංගොඩවිල පඤ්ඤෝදය පිරිවෙන් විහාරස්ථානයට වැඩම කරවීමට නියමිතය.
     
    එහිදී පුදපූජා පවත්වමින් තේවාව සිදු කොට ප‍්‍රථම මල් පහන් සහිත අෂ්ඨපාන පූජාව සිදු කරනු ලැබේ. 
     
    මෙම අවස්ථාවට වටගෙදර විමල බුද්ධි අනුනායක හිමි, වටගෙදර විමලසාර හිමි, කිතලගම හේමසාර නාහිමි ආදී මහා සංඝයා වහන්සේලා ඇතුළු ගිහි පිංවතුන් විශාල පිරිසක් සහභාගී වීමට නියමිතය.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya