අප්‍රේල් 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සෝමාවති පුදබිම් මාර්ගයට මිලියන 3500ක ආයෝජනයක්

    මැයි 24, 2014
    පොලොන්නරුව සිට සෝමාවතී පුදබිම දක්වා දිවෙන මාර්ගය කාපට් අතුරා සංවර්ධනය කිරීම සඳහා රුපියල් මිලියන 3500ක ආයෝජනයක් සිදු කොට ඇති බවත් මෙම මාර්ගය ලබන ජුනි මාසයේ දී ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා අතින් ජනතා අයිතියට පැවරීමට නියමිත බවත් මාර්ග සංවර්ධන අධිකාරියේ පොලොන්නරුව ප්‍රධාන ඉංජිනේරු ඒ.එම්.යූ. අරම්පොළ මහතා පැවසීය.
     
    මෙහි සමස්ත ආයෝජනය ශ්‍රී ලංකා මාර්ග සංවර්ධන අධිකාරිය දරා ඇති අතර මෙම මාර්ගය බෝක්කු 109කින්, විශාල පාලම් 4කින් සමන්විත වේ.
     
    මෙම මාර්ගයේ සම්පූර්ණ දුර කිලෝ මීටර් 38ක් වන අතර එහි කිලෝ මීටර් 26ක් කාපට් අතුරා සංවර්ධනය කොට ඇති අතර ඉතිරි කිලෝ මීටර් 12ක ප්‍රමාණය කොන්‍ක්‍රීට් අතුරා සංවර්ධනය කොට ඇත. 
     
    මෙම මාර්ගය සංවර්ධනය කිරීමෙන් අනතුරුව සෝමාවති පුද බිමට වන්දනාකරුවන්ට හා සංචාරකයන්ට ඉතා පහසුවෙන් පැමිණීමට හැකිවන අතරම තඹාල, සුංගාවිල ප්‍රදේශවල වැසියන්ට ද ප්‍රවාහන කටයුතු සඳහා ඉතා පහසු වෙනු ඇත. 
     
    DB/WK/ HSBG
     
    somawathiya road 2
     
    somawathiya road3
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya