අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නැගෙනහිර පළාතේ කෘෂිකර්ම නිලධාරීන්ට අමාත්‍යතුමාගෙන් උපදෙස්

    මැයි 23, 2014

    ජනාධිපති මහින්ද රාජපක්ෂ තුමාගේ උපදෙස් පරිදි නැගෙනහිර පළාතේ කඩිනම් කෘෂිකාර්මික සංවර්ධනයක් ඇති කිරීමට ගත යුතු කි‍්‍රයාමාර්ග පිළිබඳව කෘෂිකර්ම අමාත්‍යාංශයේ විශේෂ අවධානය යොමු කරමින් පවත්වන ලද සාකච්ඡාවක් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප‍්‍රධානත්වයෙන් පසුගියදා කෘෂිකර්ම එම අමාත්‍යාංශයේදී පැවැත්විණි. 


    නැගෙනහිර පළාත තුළ කඩිනමින් වගා කළ යුතු අතිරේක බෝග වගාවන් සහ ඒ සඳහා අවශ්‍ය යටිතල පහසුකම් ලබාදීමට කෘෂිකර්ම අමාත්‍යතුමා මෙහිදී එකඟතාව පළ කළේය. එමෙන්ම මධ්‍යකාලීනව සහ දීර්ඝකාලීනව විසඳුම් ලබා දිය යුතු යෝජනා සඳහා ව්‍යාපෘති වාර්තා සහ කි‍්‍රයාත්මක සැලසුම් සකස් කොට සති දෙකක් ඇතුළත කෘෂිකර්ම අමාත්‍යාංශය වෙත ලැබෙන්නට සලස්වන ලෙසද අමාත්‍යතුමා අදාළ නිලධාරීන්ට දන්වා සිටියේය. 


    මෙහිදී අමාත්‍යතුමා සඳහන් කළේ අම්පාර, ත්‍රිකුණාමලය, මඩකළපුව යන දිස්ති‍්‍රක්ක තුනෙහි ජල සම්පාදන ක‍්‍රම නවීකරණය කිරීමටත් වගා ළිං, විසිරි ජල තාක්ෂණ ක‍්‍රම, බිංදු ජල තාක්ෂණ ක‍්‍රම සහ කෘෂි උපකරණ ලබාදීම සඳහා ජනාධිපතිතුමාගෙන් අවශ්‍ය ප‍්‍රතිපාදන ලබා ගත හැකි බවයි.

    ඊට අමතරව යුද හමුදා කඳවුරු ආශි‍්‍රතව වෙනම වගා ව්‍යාපෘතියක් කි‍්‍රයාත්මක කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය මඟින් කි‍්‍රයාත්මක කරනු ලබන වාණිජ ගොවිපොළ වැඩසටහන යටතේ ප‍්‍රතිපාදන ලබා දීමට ද මෙහි දී තිරණය විය. නැගෙනහිර පළාත තුළ කාබනික පොහොර ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට ද මෙහි දී අනුමැතිය හිමි විය. කෘෂිකාර්මික සංවර්ධනය රටේ එක් පළාතකට පමණක් සීමා නොකර සෑම පළාතකටම එහි ප‍්‍රතිලාභ හිමිකර දීම රජයේ අරමුණයි. එම අරමුණ සාක්ෂාත් කර ගැනීමට නැගෙනහිර පළාත තුළ කඩිනම් කෘෂිකාර්මික සංවර්ධනයක් ඇති කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය මූලිකත්වය ගෙන තිබෙන බවද කෘෂිකර්ම අමාත්‍යාංශය පැවසීය.

    මේ සාකච්ඡාව සඳහා නැගෙනහිර පළාතේ දේශපාලන අධිකාරිය, පළාතේ රාජ්‍ය නිලධාරීන් සහ කෘෂිකර්ම අමාත්‍යාංශයේ නිලධාරීහු සහභාගී වූහ.


    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya