අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බේරුවලට ජාතික ක‍්‍රීඩාංගණයක්

    මැයි 23, 2014
    බේරුවල නගරයට ජාතික ක‍්‍රීඩාංගණයක් සමඟ තවත් ක‍්‍රීඩාංගණ රැසක් සංවර්ධනය කිරීමට පියවර ගැනේ. 


    බේරුවල ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ ප‍්‍රධාන සංවිධායක ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතාගේ මෙහෙයවීම මත මේ වසර තුළ බේරුවල ආසනයේ සියලුම පහසුකම්වලින් පරිපූර්ණ, කාය වර්ධන මධ්‍යස්ථානයක්ද සහිත ජාතික මට්ටමේ ක‍්‍රීඩාංගණයක් ඉදිකිරීමේ කටයුතු ආරම්භ කෙරේ. මෙම ක‍්‍රීඩාංගණය තුළ ජාතික මට්ටමේ ක‍්‍රීඩා තරගාවලි පැවැත්වීමටද හැකි වන පරිදි ඉදිකිරීම් කටයුතු කරනු ඇත.

     

    මීට සමගාමීව බේරුවල පිහිටි තවත් ක‍්‍රීඩාංගණ රැසක්ද සංවර්ධනය කිරීමට බලාපොරොත්තු වේ. මේ පිළිබඳව පසුගියදා බේරුවල ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවැති බේරුවල සංවර්ධන කමිටු සාකච්ඡාවේදී ද අවධානය යොමුකළ අතර, පාසල් ආශ‍්‍රිතව දැනට පවතින ක‍්‍රීඩාංගණ 07ක් සංවර්ධනය කිරීමට පියවර ගන්නා බවත් ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යවරයා මෙහිදී පැවසීය. 

     

    ඒ සඳහා හඳුනාගත් පාසල් ක‍්‍රීඩාංගණ වෙන් කරගෙන, එහි ප‍්‍රමාණ හා එහි අඩුපාඩු ආශ‍්‍රිතව වාර්තාවක් කඩිනමින් ලබාදෙන ලෙස අමාත්‍යවරයා අදාළ අධ්‍යාපන බලධාරින්ට නියම කළේය. මෙම ක‍්‍රීඩාංගණ 7 මේ වසරේදී සංවර්ධනය කිරීමට අපේක්‍ෂා කරන බවද අමාත්‍යවරයා පැවසීය.

     

    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya