අප්‍රේල් 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බේරුවල සංවර්ධනයට කෝටි 40ක්

    මැයි 22, 2014
    මේ වසරේ බේරුවල සංවර්ධනය සඳහා ආර්ථික කටයුතු අමාත්‍යාංශයන් රුපියල් කෝටි 40ක් වෙන්කර දී තිබෙන බවත්, ගිය වසරේ වෙන්කරන ලද මුදල්වලින් 100%ක් වියදම් කර බේරුවල විශාල සංවර්ධන කාර්යභාරයක් ඉටුකර ඇති බවත් ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය.

     

    අමාත්‍යවරයා මේ බව පැවසුවේ පසුගියදා බේරුවල ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවති බේරුවල සංවර්ධන කමිටු රැස්වීමේදීය.

     

    ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයෙන් වෙන්කර දී ඇති එකී මුදල්වලින් මේ වන විටත් සංවර්ධන ව්‍යාපෘති රැසක් ආරම්භ කර තිබේ. මෙම ප‍්‍රතිපාදන යටතේ අලුත්ගම ඓතිහාසික කන්දේ විහාරය පූජා භූමියක් ලෙස සංවර්ධනය කිරීමට පියවර ගෙන ඇත. එසේම වසර ගණනාවක් තිස්සේ සංවර්ධනයේ අරුණලු නොදුටු මග්ගොන නගරය නව නගරයක් ලෙස සංවර්ධනය කිරීමටත්, බේරුවල සංචාරක කලාපය තුළ වෙරළ තීරය සංවර්ධනය කිරීමටත් සැලසුම් කොට දැනටමත් ක‍්‍රියාත්මක කර තිබේ.
     

    මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් කතා කළ අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා මෙසේද පැවසීය. "2013 වසරට බේරුවල සංවර්ධනයට වෙන්කරන ලද මුදල්වලින් සියයට සියයක්ම වියදම් කර ජනතාවට අවශ්‍ය පහසුකම් සම්පාදනය කරලා තියෙනවා. ඒ වගේම ආසනයක වැඩිම සංවර්ධන ව්‍යාපෘති ගණනාවක් ක‍්‍රියාත්මක කර වැඩ නිමකර තියෙන්නෙත් බේරුවල ආසනයේයි. මේ වසරට ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයෙන් වෙන්කර තියෙන සම්පුර්ණම මුදලම අපි සැලසුම් සහගතව වියදම් කර බේරුවල ආසනයේ සුවිශාල සංවර්ධනයක් ඇති කිරීමට බලාපොරොත්තු වෙනවා. ගිය වසරේදී රුපියල් කෝටි 35ක කාපට් පාරවල් ලබාදුන්නා. ගිය වසරේ විදුලි ව්‍යාපෘති රැසක් ඉටුකර විදුලි භාවිතය සියයට 95කටත් වඩා සම්පූර්ණ කරලා තියෙනවා" යැයි පැවසීය.

     

    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya