අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කාලගුණික විපර්යාස සමඟ මධ්‍ය කඳුකරයේ තේ වගාව යථා තත්ත්වයට

    මැයි 22, 2014

    පසුගිය දිනවල පැවති දැඩි නියඟය නිසා මධ්‍යම කඳුකරයේ තේ වගාවට බරපතළ හානි සිදු වී කුඩා තේ වතු හිමියන් දැඩි අසීරුතාවට පත්ව සිටි අතර කාලගුණික විපර්යාසත් සමඟ මේ වන විට යහපත් අතට හැරී ඇති බව කෘෂිකර්ම අමාත්‍යාංශය පැවසීය. 


    වලාකුළු රහිත කාලගුණය නිසා දිවා කාලයේදී දැඩි හිරු රැස් කෙළින්ම තේ පඳුරු මතට පතිත වීමෙන් ඒවායේ වැඩෙමින් පවතින අමු තේ දළු වියළී පිළිස්සී යාමට ලක්ව අනෙකුත් කොළ දිනෙන් දින හැලී යෑම නිසා බොහෝ තේ වතුවල තේ පඳුරු ඉපල් බවට පත්වෙමින් පැවතුණි. නැවත වගා කළ තේ පැළ, පාළු සිටුවන ලද තේ පැළ හා පසුගිය වසරේ විශාල මුදලක් වැය කර අලුතින් වගා කළ ඉඩම් ද මෙසේ විශාල වශයෙන් විනාශයට ලක් වී ඇත. ගම්පොළ, නාවලපිටිය, කොත්මලේ, අඹගමුව, ගිනිගත්හේන සහ පුස්සැල්ලාව ඇතුළු කුඩා තේ වතු සංවර්ධන අධිකාරියේ නුවරඑළිය කලාපයේ කුඩා තේ ඉඩම් 31,200ක් පමණ ගොවීහු 29,959 දෙනෙකු තේ වගාව රැකගත නොහැකිව මෙසේ අසරණ තත්ත්වයට පත්ව සිටි බව අමාත්‍යාංශය සඳහන් කළේය.


    වර්තමානය වන විට ඇදහැළෙන වර්ෂාව සමඟ එසේ විනාශයට පත් වු තේ පැළ නැවත යථා තත්ත්වයට පත්ව ඇත. අමු තේ දළු නොමැති වීමෙන් තේ දළු නෙළීමේ සම්පුර්ණ කි‍්‍රයාවලිය අඩපණ වීම නිසා දෛනික වැටුප් මත සේවය කළ කම්කරුවන් විශාල ප‍්‍රමාණයකට රැකියාව අහිමිවීමේ අවදානම කාලගුණික විපර්යාසයත් සමඟ පහව ගොස් ඇත. මාස දෙකක් පමණ පැවති දිර්ඝ නියං කාලගුණය නිසා අවදානමට ලක්ව පැවති කඳුකරයේ බොහෝ තේ කර්මාන්ත ශාලාවන්හි පෙර පරිදි කටයුතු සිදුවීම හේතුවෙන් මධ්‍යම කඳුකරයේ තේ වගාවේ නිරත වන ශ‍්‍රමිකයන්ට යහපත් කාලයක් උදා වී ඇත. ඉදිරියේ දී ඇති වන නියං අවදානම අඩු කිරීමේ අරමුණින් ළපටි තේ දළු වගාවන්ට කෙලින්ම හිරු රැස් පතිතවීම වැළැක්වීම සඳහා සබුක්කුණි, ඇල්බීසියා ආදී ශාක සිටුවීමට කි‍්‍රයාමාර්ග ගත යුතු බවද කුඩා තේ වතු සංවර්ධන අධිකාරියේ උපදෙස් මත වගා කටයුතු සිදු කළ යුතු බව ද කෘෂිකර්ම අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.


    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya