අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සෝයා බෝංචි වගා කළ ගොවීන්ට වන්දි

    මැයි 22, 2014

    බාල සෝයා බෝංචි බීජ වෙනුවෙන් නිසි ඵලදාවක් ලබාගැනීමට නොහැකි බව පවසමින් පසුගිය දිනවල හුරුළු වැව ජනපදයේ ගොවීහු පිරිසක් උද්ඝෝෂණයක නිරත වූ අතර එසේ පීඩාවට පත් වූ ගොවීන්ගෙන් පිරිසකට මේ වන විට වන්දි ලබා දී ඇති අතර ඉතුරු පිරිසට වන්දි ලබාදීමට අවශ්‍ය සියලු කටයුතු මේ වන විට ක‍්‍රියාත්මක කර ඇති බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.



    හුරුළු වැව ජනපදයේ ගොවීන්ට පෞද්ගලික සමාගමක් විසින් ලබා දෙන ලද බාල තත්ත්වයේ සෝයා බෝංචි බීජ නිසා ගොවීහු 400ක් පමණ පීඩාවට පත් වූහ. පීඩාවට පත් ගොවීන් අනුරාධපුර දිස්ති‍්‍රක් ලේකම් කාර්යාලය වටලා උද්ඝෝෂණයක නිරත වූ අතර ඔවුන්ගේ ඉල්ලීම වූයේ පසුගිය වසරේ යල කන්නයේ සිදු වූ වගා හානියට වන්දි ලබා දෙන ලෙසයි. මීට පෙර එම ගොවි සංවිධාන හා නිලධාරීන් සමඟ කෘෂිකර්ම අමාත්‍ය මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප‍්‍රධානත්වයෙන් ගලෙන්බිඳුණු වැව ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී එම වන්දි ලබා දීම සඳහා අදාළ නිලධාරීන් වෙත අමාත්‍යතුමා විසින් උපදෙස් දෙන ලදී. 

    ඒ අනුව 2013 වසරේ යල කන්නයේ බෝග වගාකරුවන්ට සෝයා බෝංචි බීජ ලබා දුන් පෞද්ගලික ආයතනය මඟින් මේ වන විට අදාළ වන්දි ගෙවීම් සිදු කරමින් පවතී.  වගාකරුවන් විශාල පිරිසකට මේ වන විට වන්දි ලබා දී ඇති අතර ඉතුරු ගොවීන්ට වන්දි ලබා දීමට හැකි වන සේ බීජ වෙනුවෙන් ගෙවීමට ඇති රුපියල් මිලියන 6.3ක මුදලක් අනුරාධපුර දිස්ති‍්‍රක් ලේකම් වෙත මේ වන විටත් ලබා දී ඇති බවත් එම මුදලින් ඉදිරි සතිය තුළදී වන්දි ගෙවීමට කටයුතු කරන බවත් කෘෂිකර්ම අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.

    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya