අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අනුරාධපුර දිස්ත‍්‍රික්කයේ සියලු ම ගම්මානවලට විදුලි බලය මෙම වසරේ දී

    මැයි 22, 2014

    අනුරාධපුර දිස්ත‍්‍රික්කයේ විදුලිය නොමැති සියලු ම ගම්මානවලට විදුලි බලය ලබා දීමට මෙම වසර තුළ හැකි වන බව උතුරු මැද පළාත් ප‍්‍රධාන අමාත්‍ය එස්.එම්. රංජිත් සමරකෝන් මහතා පැවසීය.


    මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා 2005 වසරේ බලයට පත්වන විට 14%ක් වූ අනුරාධපුර දිස්ත‍්‍රික්කයේ විදුලි පහසුකම් මේ වන විට 98% දක්වා ඉහළ මට්ටමකට පත් ව ඇති බව ද  අමාත්‍ය සමරකෝන් මහතා ප‍්‍රකාශ කර  සිටියේ ග‍්‍රාමීය විදුලි යෝජනා ක‍්‍රම තුනක් ජනතා අයිතියට පත් කරමිනි.
     

    අනුරාධපුර, කලාවැව මැතිවරණ කොට්ඨාසයේ රුපියල් දෙකෝටි හැටපන් ලක්‍ෂයක (265,000.00) වියදමෙන් මෙම ග‍්‍රාමීය විදුලි යෝජනා ක‍්‍රම තුන නිම කොට තිබේ.


    විවෘත කෙරුණු කලංකුට්ටිය ගල්කෙම විදුලි යෝජනා ක‍්‍රමය වෙනුවෙන් රුපියල් ලක්‍ෂ සියයක් ද රාජාංගනය යාය 14 විදුලි යෝජනා ක‍්‍රමය වෙනුවෙන් රුපියල් ලක්‍ෂ අසූපහක් ද රාජාංගනය යාය 08 විදුලි යෝජනා ක‍්‍රමය වෙනුවෙන් රුපියල් ලක්‍ෂ 80ක් ද වැය වී තිබේ.

    වසර පනහක පමණ කාලයක සිට විදුලි බලය නොමැතිව අසීරුතාවට පත් ව සිටි ගොවි පවුල් එකසියහතළිස්හතරකට මෙමගින් සෙත සැලසේ.

     
    UM/UW/WG

    kalawawa electricity

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya