අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බංග්ලාදේශ් නිලධාරී කණ්ඩායමක් කොළඹ දිසාපති කාර්යාලයේ අධ්‍යයනයක

    මැයි 22, 2014

    ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේ මෙහෙයවීමෙන් ලංකාවට පැමිණි බංග්ලාදේශයේ ජ්‍යෙෂ්ඨ සිවිල් නිලධාරී කණ්ඩායමක් පසුගියදා කොළඹ දිස්ත්‍රික් ලේකම් එච්.ටී. කමල් පත්මසිරි මහතා සමඟ එම කාර්යාලයේදී සාකච්ඡාවක නිරත විය.


    මෙහිදී දිස්ත්‍රික් ලේකම්වරයා ශ්‍රී ලංකා පරිපාලන සේවයේ ඉතිහාසයේ සිට වර්තමානය දක්වා වූ ගමන් මගත්, දිස්ත්‍රික් පරිපාලනයේ සිට ප්‍රාදේශීය හා ග්‍රාමීයව ව්‍යාප්තව ඇති ව්‍යුහය පිළිබඳවත්, දිස්ත්‍රික් පරිපාලනය හා වෙනත් දෙපාර්තමේන්තු, පළාත් පාලන ආයතන හා ඇති සබඳතාවන් සහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සංවිධාන ව්‍යූහය මෙන්ම ඒ තුළින් ග්‍රාමීය හා ප්‍රාදේශීය සංවර්ධනය ශක්තිමත් කිරීමට යොදා ගන්නා උපාය මාර්ග පිළිබඳවත් එම කණ්ඩායමට පැහැදිලි කිරීමක් කෙරිණි


    බංග්ලාදේශයේ ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරීන් මෙම කාර්යභාරය පිළිබඳ ප්‍රසාදය පළ කළහ. මෙම අධ්‍යාපනික සංචාරය සනිටුහන් කරමින් එම කණ්ඩායම් නායක බිමන් බිහාරි බර්වා මහතා ඇතුළු පිරිස, දිසාපතිවරයා වෙත ස්තූතිය පළ කළහ. බංග්ලාදේශ ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරිනියක වන නන්දිනා සනරිරාර් මහත්මිය විසින් දිසාපතිවරයා වෙත සැමරුම් තිළිණයක් ද ප්‍රදානය කරන ලදී.


    NDH/DB/WJ_dmu_colombo

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya