අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ලොකු ළූණු බීජ මිලදී ගැනීමේදී කෘෂිකර්ම නිලධාරියෙකුගේ සහය ලබා ගන්න

    මැයි 22, 2014

    හොර රහසේ ඉන්දියාවෙන් ගෙන්වන ලද ලොකුළූණු බීජ දේශීය බීජ සමඟ කලවම් කිරීමේ ජාවාරමක් පිළිබඳව පසුගියදා දඹුල්ල හා අවට ප‍්‍රදේශවලින් වාර්තා වූ පුවතට අනුව කරන ලද පරීක්ෂණ සඳහා විශේෂ නිලධාරී කාණ්ඩායමක් යොදවා ඇති බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.


    පසුගිය දිනවල දඹුල්ල, ගලේවෙල, සීගිරිය, අනුරාධපුර හා පොලොන්නරුව ප්‍රදේශවල මෙම ජාවාරම කි‍්‍රයාත්මක වන බව ගොවි සංවිධාන විසින් පෙන්වා දෙන ලදී.


    දඹුල්ල නගරයේ කිසිදු බලපත‍්‍රයක් නොමැතිව ව්‍යාපාරිකයන් පිරිසක් තැරැව්කරුවන් හරහා ගොවීන්ගේ නිවෙස්වලටම ගොස් කිලෝවක් රුපියල් 13,000 -17,000ක් දක්වා වූ මිල ගණන් යටතේ ව්‍යාජ ප‍්‍රමිතියෙන් තොර බීජ ගොවීන්ට අලෙවි කර ඇත.


    විවිධ වෙළෙඳ නාමයන් ඔස්සේ ගොවි සමාගම්, හාඩ්වෙයාර්, අලෙවිසැල්, හෝටල් සහ ලියාපදිංචි පලිබෝධනාශක අලෙවිසැල් හරහා දේශීය ලොකු ළූණු බීජ බව පවසමින් ගොවීහු රවටා බීජ අලෙවි කිරීම පසුගිය දිනවල සිදු කළ බව ගොවීහු පවසති.


    මෙම බීජ ජාවාරම්කරුවන් නිසා ශී‍්‍ර ලංකාවේ ලොකු ළූණු අස්වනු ඉලක්කවලට බලපෑම් එල්ල වන බැවින් බීජ ලබා ගැනීමේදී ඒ සඳහා අනිවාර්යයෙන් ම බිල්පතක් ලබා ගැනීමට කටයුතු කරන ලෙසටත් බීජ මිලදී ගැනීමේදී කෘෂිකර්ම නිලධාරියෙකුගේ සහය ලබා ගන්නා
    ලෙසටත් කෘෂිකර්ම අමාත්‍යාංශය ගොවීන්ගෙන් ඉල්ලා සිටියි. නිරතුරුවම අවධානයෙන් කටයුතු කරන ලෙසත් කෘෂිකර්ම අමාත්‍යාංශය ගොවීන්ට දන්වා සිටියි.


    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya