අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    " එක ගමකට එක වැඩක්" වැඩසටහනින් මැදවච්චිය අතුරු මාර්ග පිළිසකර කෙරේ

    මැයි 22, 2014

    ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය මගින් ක්‍රියාත්මක කෙරෙන   "එක ගමකට එක වැඩ වැඩසටහන යටතේ" මැදවච්චිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ගම්මාන රැසක අතුරු මාර්ග පිළිසකර කිරීමට පියවර ගැනේ.


    මේ අනුව රුපියල් ලක්ෂ පනහක වියදමින් මැදවච්චිය ඔඩුම්බුගල, බෙල්ලන්කඩවල, අගුනොච්චිය සහ සීප්පෑව යන ගම්මාන වල පිවිසුම් මාර්ග පිළිසකර කිරීමේ කටයුතු ළමා සංවර්ධන හා කාන්තා කටයුතු අමාත්‍ය තිස්ස කරල්ලියද්ද මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියද ආරම්භ කෙරිණි.

    වසර ගණනාවක් කිසිඳු ප්‍රතිසංස්කරණයකට ලක් නොවූ මෙම අතුරු මාර්ග කඩිනමින් පිළිසකර කිරීමට පියවර ගෙන තිබේ.මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමන්ගේ උපදෙස් මත මේ වන විට මැදවච්චිය ආසනයේ සෑම ගමකම ජනතාවට අත්‍යවශ්‍ය  වූ කුමන හෝ සංවර්ධන කටයුත්තක් සිදුකෙරෙන බවද කිසිඳු පක්ෂ බේදයකින් තොරව ඊට ග්‍රාමීය ජනතාවගේ උපරිම සහයෝගය ලැබෙන බව ද අගුනොච්චිය මාර්ග පිළිසකර කිරීමේ කටයුතු ආරම්භ කිරීමට පැවති ජන හමුවේ දී අදහස් දක්වමින් අමාත්‍ය තිස්ස කරල්ලියද්ද මහතා පැවසීය.

    එහි දී තව දුරටත් අදහස් දැක්වූ ඒ මහතා පැවසුවේ "දශක තුනක යුද්ධයෙන් බැට කෑ මැදවච්චිය ආසනයේ ජනතාව දැන් නිදහසේ හුස්ම ගනිමින් තම දරුවන්ගේ අනාගතය වෙනුවෙන් කුමන හෝ කර්මාන්තයක නියැලී ආර්ථිකය ශක්තිමත් කරගනිමින් රටට බරක් නොවී ජීවත්වීම අගය කළ යුතුයි. එදා ඔවුන්ට හේනට කුඹුරට පවා යන්න බැරි තත්ත්වයක් තිබුණා. ඔවුන්ගේ දරුවන්ට ගමේ පාසලට යන්න බැරි තත්ත්වයක් තිබුණා. ඒ අඳුරු යුගය නිමා කළේ  මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ උදාර නායකත්වය මත බව අද ඇතැම් අයට අමතකයි. නමුත් මේ රටේ බහුතර බුද්ධිමත් එසේම කෘතගුණ දන්නා ජනතාව තම ජිවිත කාලය පුරාම ඒ බව අමතක කරන්නේ නැහැ. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා කියන්නේ මේ රටේ පිනට පහළ වූ නායකයෙක්.

    මේ  භයානක යුද්ධයෙන් එදා දුකට පත් වුනේ මේ රටට විරුද්ධව කුමන්ත්‍රණය කරන ඇතැම් බලවත් රටවල නායකයන්ගේ දරුවෝවත් ඒ කුමන්ත්‍රණ වලට උදව් කරන මේ රටේ සිටින අන්තගාමීන්ගේ දරුවෝවත් නෙවෙයි. මේ රටේ අහිංසක සිංහල, දෙමළ, මුස්ලිම් යන එකම ශ්‍රී ලාංකික දෙමව්පියන්ගේ දරුවෝ පමණයි. කුමන භාෂා කතා කළත් යුද්ධය නිසා මියගියෙත් මේ රටේ දරුවන්. ඒ වේදනාව විඳින්න සිදුවුනෙත් මේ රටේ සිංහල, දෙමළ, මුස්ලිම් දෙමාව්පියන්ට, ඥාතීන්ට, හිතවතුන්ටයි.

    අද රට බේරගන්න එක එක විදියේ නායකයෝ, වීරයෝ, සංවිධාන, පෙරමුණේ තිබෙනවා. නමුත් මේ සියල්ල නමට පමණයි. රට ගැන කිසිම හැඟීමකින් නෙවෙයි තමන්ගේ අතට ලැබෙන ගාන ගැන හිතලයි ඔවුන් කටයුතු කරන්නෙ.නමුත් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා හෝ එතුමන්ගේ රජය කිසිදු අයුරකින් මේ රට බලවත් රටවල්වල රූකඩයක් බවට පත් කරන්නේ නැති බව  ජනතාව හොඳින් දන්නවා.

    අද ඈත පිටිසර ගම්මානවල පවා කෝන්ක්‍රීට් පාරවල්, රජයේ ගොඩනැඟිලි ඉදිකරමින් මහින්ද රාජපක්ෂ යුගය මේ රටේ සංවර්ධන විප්ලවයක් කළ යුගයක් ලෙස ඉතිහාසයට එක්වෙනවා. විශේෂයෙන් ඒ බව ජන හදවත් තුළ නොමැකී තිබෙන බව විශ්වාසයි.විපක්ෂය කුමන අවලාද නැගුවත් කෘතගුණ දන්නා ජනතාවක් සිටින මේ රට තවදුරටත් බැරි අයට පාලනය කරන්න ජනතා වරම හිමිවන්නේ නැහැ. දැන් පොදු අපේක්ෂක නාඩගමත් ඉවරයි. පොදු අපේක්ෂක කියන වචනයේ තේරුම පවා නොදන්න විපක්ෂයක් තමයි මේ රටේ තිබෙන්නේ.

    ක්‍රියාකාරී දේශපාලන පක්ෂ දහ අටක ආශිර්වාදයෙන් ගොඩනැඟී ඇති මේ රජය පෙරලන්න ජනතාව කිසිවෙකුට ඉඩ තබන්නේ නැහැ. මේ රටේ එකම එක පොදු අපේක්ෂකයයි ඉන්නේ. ඒ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා බව ජනතාව එදත් අදත් හෙටත් හොඳින්ම දන්නවා. නමුත් අවාසනාවකට විපක්ෂ ඒ බව දන්නේ නැහැ. "

    මැදවච්චිය ප්‍රාදේශීය සභාවේ සභාපති එන්.පීරිස්, මන්ත්‍රී  කැළුම් වික්‍රමසිංහ යන මහත්වරුන් ද මෙහිදී අදහස් දැක්වූ  අතර, අගුනොච්චිය ගම්වාසීන් විශාල පිරිසක් ද මේ අවස්ථාවට පැමිණ සිටියහ.


    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya