අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ලොව පළමු වාරි කෞතුකාගාරය අනුරාධපුරයේ ඉදිකිරීමට පියවර

    මැයි 22, 2014

    ශ්‍රී ලංකාවේ වාරි තාක්ෂණය පිළිබඳව මතු පරපුර දැනුවත් කිරීමේ අරමුණ ඇතිව වාරි කෞතුකාගාරයක් අනුරාධපුරයේ දී ඉදිකිරීමට කටයුතු යොදා ඇත.

    ලොව කිසිදු තැනෙකින් හමු නොවන ආකාරයේ අද්විතීය, විශ්මය ජනක වාරි තාක්ෂණයක්  පුරාණයේ ශ්‍රී ලංකාව තුළ පැවති බවට සාධක විශාල ප්‍රමාණයක් තවමත් පවති. එය අඛණ්ඩව අනාගත පරපුරට දායාද කිරීම වර්තමාන පරපුරේ උසස් වගකිමක් බව මෙම නව වාරි කෞතුකාගාරය පිළිබඳව අදහස් දක්වමින් අනුරාධපුර කලාප  වාරිමාර්ග අධ්‍යක්ෂ ලලිත් ද අල්විස් මහතා පැවසීය.


    මෙම වාරි කෞතුගාරය නාච්චාදුව ප්‍රදේශයේ ඉදිකිරීමට දැනට සැලසුම් කර තිබේ. මෙලෙස ඉදිකිරීමට යෝජිතව ඇත්තේ ලෝකයේ පළමුවන වාරි කෞතුගාරය යැයි ද කලාප වාරිමාර්ග අධ්‍යක්ෂවරයා ප්‍රකාශ කළේය. මේ සඳහා වැයවන මුදල රුපියල් මිලියන 300ක් පමණ  වේ. මුලික වැඩ ආරම්භ කිරීම සඳහා මේ වන විට මිලියන හතරක් වෙන් වී ඇත.


    පසුගියදා පැවැති අනුරාධපුර දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටුවේ දී මේ පිළිබඳ මුලික අදහස් සාකච්ඡාවිය. එහිදී අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් මහින්ද සෙනවිරත්න මහතා පැවසුවේ, මෙම කෞතුකාගාරය කඩිනමින් ආරම්භ කිරීම කාලෝචිත කටයුත්තක් බවයි.  දිස්ත්‍රික් ලේකම් වශයෙන් අවශ්‍ය සහය මේ සඳහා ලබාදෙන බවද ඒ මහතා වැඩිදුරටත් එහිදී පැවසීය. වාරි ඉංජිනේරු පීඨයක් ආරම්භ කිරීම මිහින්තලේ රජරට විශ්වවිද්‍යාලයේ දී කල හැකිනම් අතීත වාරි තාක්ෂණය පිළිබඳ දැනුම උපයෝගී කරගෙන වර්තමානයට ගැලපෙන වාරි තාක්ෂණයක් ගොඩනගා ගැනීමේ අවකාශය පවතින බව කී ලේකම්වරයා මේ පිළිබඳව රජරට විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා සමඟ සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවද පැවසීය.


    ECB/SB_dmu Anuradapura

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya