අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පෙර පාසල් පාලිකාවන්ට විශ්‍රාමික දීමනාවක් ලබාදීම පිළිබඳ සොයා බලනවා

    මැයි 22, 2014

    පෙර පාසල් පාලිකාවන්ට ලබා දෙන්නේ රුපියල් 1000ක සුළු දීමනාවක් බවත්, වයඹ පළාතේ විතරක් පෙර පාසල් පාලිකාවෝ 4000 කට වැඩි පිරිසක් සිටින බැවින් ඔවුන්ගේ දීමනාව වැඩිකිරීම  පිළිබඳව  මධ්‍යම ආණ්ඩුව සමඟ  සාකච්ඡා කර ඇති බවත් වයඹ පළාත් ප්‍රධාන අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පැවසීය.

    මෙහිදී අමාත්‍යවරයා තවදුරටත් පැවසුවේ මෙය ක්‍රියාත්මක කිරීම එකවර අපහසු වුණත් ඔවුන් වෙනුවෙන් යම් සුභසාධන වැඩපිළිවෙළක් ඉදිරියේදී හඳුන්වා දෙන්න කටයුතු කරන බවයි. ඔවුන්ගේ ගැටලුවලට උපකාර කරන්න වගේම විශ්‍රාම ගියපසු යම් දීමනාවක් ලබාදෙන්න අවශ්‍ය කටයුතු සූදානම් කරන බවද වයඹ පළාත් ප්‍රධාන අමාත්‍යවරයා පැවසීය.

    අමාත්‍යවරයා මේ බව පැවසූයේ  පසුගියදා බිංගිරිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පැවති  බිංගිරිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් පෙර පාසල් වල  දරුවන් 2000ක් සඳහා නිල ඇඳුම් බෙදාදීමේ උත්සවයකට සහභාගී වෙමිනි.එහිදී උත්සව සභාව අමතමින් ප්‍රධාන අමාත්‍යවරයා වැඩි දුරටත් ප්‍රකාශ කර සිටියේ "2002 මම විපක්ෂයේ සිටිය කාලයේ පෙර පාසල් දරුවන්ට සහ පාලිකාවන්ට නිල ඇඳුමක් ලබාදෙන වැඩසටහනක් ක්‍රියාත්මක කරා. හැබැයි දැන් මම ඉන්නේ ආණ්ඩුවේ. දැන් මට ඊටත් වඩා වැඩි වැඩ කොටසක් කරන්න පුළුවන්.

    දරුවන්ගේ හොඳම කාලයේදී තමයි මේ දරුවෝ පෙර පාසලට එන්නේ. අම්මා, තාත්තාගෙන් පස්සේ මේ පුංචි දරුවන්ගේ අනාගතේ බාරගන්නේ පෙර පාසල් ගුරුවරු. එතනින් හැදෙන දරුවා තමයි රටේ අනාගතය වෙන්නේ. මෙතනින් යන දරුවෝ තමයි අපොස සාමාන්‍ය පෙළ වගේම උසස් පෙළින් උසස් සාමාර්ථ ලබා ගන්නේ. මිල කළ නොහැකි කැපකිරීමක් තමයි මේ අය කරන්නේ."

    මෙම අවස්ථාවට වයඹ පළාත් සභා මන්ත්‍රී සෝමසිරි ගුණතිලක, ප්‍රාදේශීය සභා සභාපති දිමුත් තුෂාර ඒකනායක ඇතුළු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්,රාජ්‍ය නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ.

    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya