අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මාතර පරිසර හා ජල කමිටු රැස්වේ

    මැයි 22, 2014
    මාතර දිස්ත‍්‍රික්කයේ පරිසර සංරක්ෂණය හා විවිධ පරිසර ගැටළු සම්බන්ධව විශේෂ අවධානයක් යොමු කරමින් කටයුතු කරන මාතර දිස්ත‍්‍රික් පරිසර කමිටු රැස්වීම පසුගියදා මාතර දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලීය ගාමිණී ජයසේකර ශ‍්‍රවණාගාරයේදී පැවැත්විණ.
     
    මාතර දිස්ත‍්‍රික්කයේ පවතින සියලුම ජල මූලාශ‍්‍රයන් ආරක්ෂා කරමින් ජලයේ ගුණාත්මක භාවය සුරක්ෂිත කිරීම, ජලය අපවිත‍්‍ර කිරීම අවම කරගැනීම හා දිස්ත‍්‍රික්කයේ පවතින ජල සම්පත මනා කළමනාකරණයකින් යුතුව භාවිතයට ගැනීම ආදී කරුණු කාරණා රාශියක් පිළිබඳව තීන්දු තීරණ ගන්නා ජලයේ ගුණාත්මක භාවය සුරක්ෂිත කිරීමේ දිස්ත‍්‍රික් කමිටු රැස්වීම ද එම ස්ථානයේදී එදිනම පැවැත්විණ.
     
    මෙම රැස්වීම්වලදී ඒ ඒ ක්ෂේත‍්‍රයේ විවිධ ගැටළු සඳහා විසඳුම් හා උන්නතිය උදෙසා විවිධ තීරණ ද ගැනීමට කටයුතු කෙරිණි.
     
    මාතර දිස්ත‍්‍රික් ලේකම් ඊ. ඒ. සී. විදානගමාච්චි මහත්මියගේ ප‍්‍රධානත්වයෙන් පැවති මෙම කමිටු රැස්වීම් සඳහා දිස්ත‍්‍රික්කයේ ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාස 16ම නියෝජනය වන පරිදි සියලුම ප‍්‍රදේශීය ලේකම්වරුන් ඇතුළු පරිසරය හා ජලය සම්බන්ධව කටයුතු කරන සියලුම රාජ්‍ය නිලධාරීන් සහ පරිසර සංවිධාන සහභාගි වූහ.
     
    TI
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya