අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කළුතර ගම නැගුමට රුපියල් මිලියන 439ක්

    මැයි 22, 2014
    කළුතර දිස්ත‍්‍රික්කයේ ගම නැගුම ව්‍යාපෘති ක‍්‍රියාත්මක කිරීම සඳහා රුපියල් මිලියන 439ක මුදල් ප‍්‍රතිපාදන ආර්ථික සංවර්ධන අමාත්‍යංශයෙන් ලබා දී තිබෙන බව කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සඳහන් කරයි.
     
    ඒ අනුව ඊට අදාළ ව්‍යාපෘති කිහිපයක් ක‍්‍රියාත්මක කිරීම මේ වන විට සිදුවන අතර අනෙකුත් ව්‍යාපෘති හදුනාගනිමින් පවතින බවද දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සඳහන් කරයි. 
     
    මාර්ග, ජල සම්පාදන, වාරිමාර්ග, කානු පද්ධති, ක‍්‍රීඩා පිටි, මාතෘ සායන හා පෙරපාසල් යන අංශ හා කේෂේත‍්‍ර යටතේ මෙම ව්‍යාපෘති ක‍්‍රියාත්මක කෙරේ.
     
    ගම නැගුම ව්‍යාපෘති ක‍්‍රියාත්මක කිරීම සඳහා මෙතෙක් වෙන්වූ ඉහළම මුදල් ප‍්‍රතිපාදන මෙම වසර තුළ වෙන්වී තිබෙන අතර ,එම සියලු මුදල් වර්ෂය මුලදීම දිස්ත‍්‍රික්කය වෙත ලැබීම විශේෂ ලක්ෂණයකි.
     
    ව්‍යාපෘති ක‍්‍රියාත්මක කිරීමට මුදල් ප‍්‍රතිපාදන කිසිදු ප‍්‍රශ්නයක් නොවන හෙයින් මෙම සියලු ව්‍යාපෘති මෙම වසර තුළ ක්‍රියාත්මක කරන බවද එම කාර්යාලය වැඩිදුරටත් පවසයි.
     
    ගම නැගුම වැඩසටහන යටතේ 2013 වසර තුළ ව්‍යාපෘති 209ක් ක‍්‍රියාත්මක කර එම සියලු ව්‍යාපෘතිද අවසන් කර ඇත. මේ සඳහා රජය වැයකල මුදල රුපියල් මිලියන 159 ඉක්මවයි.
     
    DB/WMS
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya