අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අනුරාධපුර දිස්ත්‍රික්කයේ පාරම්පරික වී වගාව සාර්ථකව ක්‍රියාත්මක වෙයි

    මැයි 22, 2014

    ජාතික මට්ටමින් පාරම්පරික වී වගාව ව්‍යාප්ත කිරීමේ වැඩපිළිවෙලක් අනුරාධපුර දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් සාර්ථකව ක්‍රියාත්මක වේ.


    මෙය ක්‍රියාත්මක වන්නේ ආර්ථික සංවර්ධන අමාත්‍යංශයේ මූලිකත්වයෙනි. සෙසු දිස්ත්‍රික්ක සම්බන්ධිකරණය කරගනිමින් මේ වන විට සැලකිය යුතු මටිටමකින් දේශීය වී වගාව ව්‍යාප්ත කිරීමට හැකි වී තිබෙන බව අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් මහින්ද සෙනවිරත්න මහතා සඳහන් කළේය.


    විශේෂයෙන්ම අනුරාධපුරය, කුරුණෑගල, හම්බන්තොට හා අම්පාර යන දිස්ත්‍රික්කවල දැනටමත් මෙම ‍වී වගාව සාර්ථකව සිදුකරයි.


    යල කන්නයේ වගා ප්‍රගතියට අනුව අනුරාධපුර දිස්ත්‍රික්යේ පමණක් අක්කර 614 පාරම්පරික වී වගාකර ඇත. කුරුණැගල දිස්ත්‍රික්කයේ එම ප්‍රමාණය අක්කර 433කි. අම්පාර හා හම්බන්තොට දිස්ත්‍රික්කවල අක්කර 60 බැගින් වි වගාකර තිබේ.  මෙම සාම්ප්‍රදායික වී වගාවට යොමු වීමට බලාපොරොත්තු වන ගොවීන්ට අදාළ බීජ නොමිලේ ලබා දීම හා අස්වනු මිලදී ගැනීම  දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ මැදිහත් වීමෙන් සිදුකෙරේ. මේ පිළිබඳව උපදෙස් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ කෘෂිකර්ම අංශයෙන් සහ දිස්ත්‍රික් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් ලබාගත හැකියි. 

     

    ECB/SB_dmu Anuradapura

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya