අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මිහින් ලංකා මගින් ව්‍යාපාරික පන්තියක් හඳුන්වා දෙයි

    මැයි 21, 2014

    ශ්‍රී ලංකාවේ ජාතික අඩු වියදම් ගුවන් සේවය වන මිහින් ලංකා, තම විශ්වාසනීය පාරිභෝගිකයන්ට ලොව රටවල් ගණනාවක්‌ වෙත ඉතා පහසු මිලට වැඩි සුව පහසුවකින් පියාසර කිරීමේ අවස්‌ථාව උදා කරදෙමින් මේ මස 25 වැනිදා සිට ප්‍රථම වතාවට අඩුවැය ගුවන් සේවාවක ව්‍යාපාරික පන්තියක්‌ හඳුන්වා දෙයි.


    දැරිය හැකි මිලට සුවපහසු සේවාවක්‌ ලබාදෙන මිහින් ලංකා සේවය දිනෙන් දින ඉහළ යන සිය පාරිභෝගික ජනතාවගේ ඉල්ලීම් සහ රුචි අරුචිකම් පිරිමසිමින් නව ව්‍යාපාරික පන්තියේ සේවාව ලබාදෙනු ලැබේ. මිහින් ලංකා ව්‍යාපාරික පන්තියේ සේවාව මගින් වැඩිදියුණු කරන ලද සේවාවන් සහ අමතර ප්‍රතිලාභ අත්විඳීමේ අවස්‌ථාව පාරිභෝගිකයන් සඳහා ලබාදෙයි. ගුවන්තොටුපළේ විශේෂ පරීක්‍ෂා කිරීමේ කවුන්ටර්, විඩාව සංසිඳවා ගැනීමට පානීය සංග්‍රහයක්‌, තවත් ප්‍රබෝධජනක අත්දැකීම්, කියවීමට විවිධ පොත් පත්, සුවපහසු පොරෝනයක්‌, ප්‍රණීත උණුසුම් ආහාර, උසස්‌ තත්ත්වයේ රටබීම වර්ග සහ ගුවන් යානය තුළ විනෝදාත්මක පහසුකම් ඇතුළු සේවා රැසක්‌ නව ව්‍යාපාරික පන්තිය වෙත සැපයේ.

    මිහින් ලංකා, දකුණු ආසියා කලාපයේ ප්‍රධානත ම අඩු වියදම් ගුවන් සේවයක්‌ වන අතර, ඉන්දීය උප මහද්වීපය, මැද පෙරදිග සහ ගිනිකොනදිග ආසියාවේ රටවල් ගණනාවක්‌ බලා පියාසර කරයි. 2007 වසරේදී හඳුන්වා දෙනු ලැබූ මිහින් ලංකා ගුවන් සේවය මේ වන විට අඩු වියදමින් සංචාරය කිරීම සම්බන්ධයෙන් කලාපයේ විශාල පිරිසකගේ ගෞරවාදරය දිනාගෙන සිටී. නිරන්තරයෙන්ම විශිෂ්ටතම සේවාවක්‌ ලබාදීමට උත්සාහ දරන මිහින් ලංකා, ගුවන් ගමන අතරතුර නොමිලේ ආහාර සහ ගමන් මළු ගෙන යෑමේ අවස්‌ථාව ලබාදෙන එකම අඩු වියදම් ගුවන් සේවය වේ. කලාපය තුළ ප්‍රමුඛතම අඩු වියදම් ගුවන් සේවය බවට පත් වීමේ අරමුණින් කටයුතු කරන මිහින් ලංකා නිරන්තරයෙන්ම සිය පාරිභෝගිකයන්ගේ අවශ්‍යතා සපුරාලමින් විශිෂ්ටතම පාරිභෝගික සේවයක්‌ සලසනු ලබයි.

    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya