අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මහනුවර පානීය ජල පහසුකම් ඉහළ නැංවීමට ව්‍යාපෘති රැසක්

    මැයි 21, 2014

    මහනුවර කුණ්ඩසාලේ ප්‍රදේශයේ පානීය ජල පහසුකම් ඉහළ නැංවීම සඳහා රුපියල් මිලියන 25,000ක ව්‍යාපෘතියක් දියත් කිරීමට කටයුතු යොදා ඇති බව ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලයේ මධ්‍යම පළාත් නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී එල්.එල්.ඒ. පීරිස් මහතා පැවසීය.


    ඉන්දියානු රජයේ ආධාර මත ඉන්දීය සමාගමක් මේ ව්‍යාපෘතිය ආරම්භ කිරීමට කටයුතු සැලසුම් කොට ඇති බව පැවසූ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයා ඉදිරි වසරේදී අදාළ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කළ හැකි බවද පැවසීය.‍


    මහනුවර දිස්ත්‍රික්කයේ ශීඝ්‍රයෙන් දියුණු වන ප්‍රදේශයක් ලෙස කුණ්ඩසාලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය හැඳින්විය හැකියි. මහනුවර දිස්ත්‍රික්කයේ ජනගහනයෙන් දෙවැනියට වැඩිම ජනගහනයක් සිටින ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය මෙයයි. එක්ලක්ෂ තිස් දහසකට ආසන්න ජනගහනයක් කුණ්ඩසාලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ වාසය කරති. ඉදිරියේදී මෙම ජනගහනය තවත් වැඩි වනු ඇතැයි අපේක්ෂා කරන අතර සංවර්ධන ව්‍යාපෘති රැසක්ද එම ප්‍රදේශය තුළ ඉදිරි වසර කිහිපය තුළ සිදු කිරීමට සකස් කොට තිබෙන බව ඔහු පැවසීය.

    මෙම තත්ත්වය යටතේ දැනට කුණ්ඩසාලේ ප්‍රදේශයට ලැබෙන පානීය ජල ධාරිතාව කිසිසේත්ම නොසෑහෙන බව පැවසූ පීරිස් මහතා අදාළ ව්‍යාපෘතිය තුළින් එයට විසඳුම් ලැබෙනු ඇතැයි පැවසීය. මෙම ව්‍යාපෘතියට අමතරව 2014 වසර තුළ කුණ්ඩසාලේ ප්‍රදේශය සඳහා තවත් රුපියල් මිලියන 120ක පානීය ජල ව්‍යාපෘතියක් ආරම්භ කොට ඇති අතර මේ වන විටත් රුපියල් මිලියන 40ක මුදලක් වැය කොට එහි මූලික කටයුතු සිදු කෙරෙමින් පවතී. එළඹෙන වසරේදී මෙම ව්‍යාපෘතිය ජනතාවට ලබා දිය හැකි බවද පීරිස් මහතා සඳහන් කළේය.


    මහනුවර හා තදාසන්න ජල සම්පාදන ව්‍යාපෘතිය, මහනුවර දකුණ සහ මාරස්සන ජල ව්‍යාපෘතිය යනුවෙන් තවත් ප්‍රධාන ජල ව්‍යාපෘති තුනක්ද මෙම වසරේදී මහනුවර දිස්ත්‍රික්කයේ ජනතාවගේ පානීය ජල පහසුකම් වෙනුවෙන් ක්‍රියාත්මක කෙරෙමින් පවතී. මෙම ව්‍යාපෘති සඳහා වැය වන මුදල රුපියල් මිලියන 2000කට ආසන්න වේ. පීරිස් මහතා පවසන්නේ මෙම ව්‍යාපෘති නිමවීමත් සමඟ මහනුවර නගරයේ පානීය ජල ගැටලුවට සැලකිය යුතු විසඳුමක් ලැබෙනු ඇති බවයි.


    NDH/TA_dmu_kandy

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya