අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පොසොන් උත්සවයට මිහින්තලා පුදබිමෙහි ප්‍රධාන දන්සැල් 27ක්

    මැයි 21, 2014

    අනුරාධපුර පූජා භූමිය අභියස පැවැත්වෙන පොසොන් උත්සවයේ දී දන්සැල් විශාල සංඛ්‍යාවක් පැවැත්වීමට මෙවරද කටයුතු යොදා ඇත. බත් දන්සැල්, සිසිල්පැන්, ඔසුපැන්, මල් ආදි වශයෙන් විවිධාකාරයේ  දන්සැල් මේ කාලයේ දී ක්‍රියාත්මක කෙරේ.

     


    මිහින්තලා පුදබිම අවට පමණක් මෙවර බත් දන්සැල් 13ක් පමණ පැවැත්වීමට නියමිතය. තවත් විවිධ දන්සැල් 14ක් ද  පූජා භූමිය අවට පැවැත්වෙනු ඇත. මේ අතර දන්සැල්වලින් ලබාදෙන ආහාරවල ප්‍රමිතිය සොයා බැලීම සඳහා පැය විසිහතර පුරාම සිය සේවය ලබාදෙන ලෙස  මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් වෙත උපදෙස් ලබාදී තිබේ.

    දන්සැල් පැවැත්වීම පිළිබඳව මිහින්තලේ ප්‍රාදේශීය සභාව, ප්‍රාදේශීය ලේකම් කාර්යාලය කලින් දැනුවත් කර අවසර ලබාගත යුතුයි. එමෙන්ම මාර්ග අවහිර වන අකාරයෙන් අවසරයකින් තොරව පවත්වාගෙන යන දන්සල් පවත්වාගෙන යාම පිළිබඳව විශේෂ අවධානයක් යොමුකර එම අවහිරතා මගහැරීමට කටයුතු කරන මෙන්  අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් මහින්ද සෙනවිරත්න මහතා පොලිසියට උපදෙස් ලබාදී තිබේ.

     
    ECB/SB_ dmu Anuradapura

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya