අප්‍රේල් 30, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    උතුරු මැද රාජ්‍ය කළමනාකරණ සේවයට 126ක්

    මැයි 21, 2014

    උතුරු මැද පළාත් රාජ්‍ය කළමනාකරණ සහකාර සේවයට බඳවා ගනු ලැබූ එකසිය විසිහය දෙනෙකුට (126) උතුරු මැද පළාත් ප‍්‍රධාන අමාත්‍ය එස්.එම්. රංජිත් සමරකෝන් මහතා විසින් පසුගිය දා පළාත් ශ‍්‍රවණාගාරයේ දී පත්වීම් ලිපි ප‍්‍රදානය කරන ලදී.


    එහි දී අදහස් දැක්වූ ප‍්‍රධාන අමාත්‍යවරයා අද පත්වීම් ලබන කළමනාකරණ සහකාරවරුන් උතුරු මැද පළාතේ ප‍්‍රාදේශීය මට්ටමින් පවතින පුරප්පාඩු සඳහා පත් කරනවා. තරග විභාගයකින් මෙම තනතුර ලැබූ ඔබ සැම අද පටන් රාජ්‍ය සේවකයන් බවට පත් වෙනවා. මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමා ශ‍්‍රී ලංකාව ආශ්චර්ය කරා මෙහෙයවන යුගයක ඒ සඳහා දායකත්වය ලබා දීමට ඔබ සැමට අවස්ථාවක් උදාවෙනවා. රාජ්‍ය සේවකයන්ට වැටුප් ගෙවනු ලබන්නේ මහජනතාවගේ මුදල්. එම ජනතාවට උපරිම සේවය කිරීම ඔබගේ පරමාර්ථය විය යුතුයි. උපන් ගමට උපන් බිමට සේවය කිරීම සියලු රාජ්‍ය සේවකයන්ගේ යුතුකම හා වගකීම බව ද කීය.


    මෙම අවස්ථාවට උතුරු මැද පළාත් අධ්‍යාපන අමාත්‍ය කේ.එච්. නන්දසේන, පළාත් සෞඛ්‍ය අමාත්‍ය එච්.බී. සේමසිංහ, පළාත් සභා සභාපති ටී.එම්.ආර්. සිරිපා, පළාත් සභා මන්ත‍්‍රී උපාලි විජේකෝන්, ප‍්‍රධාන අමාත්‍යාංශ ලේකම් ආනන්ද කුලරත්න මහත්වරු සහ පළාත් රාජ්‍ය සේවා කොමිසමේ උසස් නිලධාරීහු ද සහභාගි වූහ.


    HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya