අප්‍රේල් 30, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රටේ ජනතාවගේ ආදායම් තත්ත්වය නඟාසිටුවීමට පියවර ගත යුතුයි

    මැයි 20, 2014
    අඩු ආදායම්ලාභි ප්‍රජාව නගාසිටුවීම වෙනුවෙන් පහළට ආදායම් ගලා යන මාර්ග ඇති කිරීම ඕනෑම රජයක වගකීමක් බව ඉදිකිරීම් ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය විමල් වීරවංශ මහතා අවධාරණය කරයි. 
     
    අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ කඩුවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අනුයුක්තව සේවය කරන ආර්ථික සංවර්ධන නිලධාරින් 57 දෙනෙකු සඳහා රුපියල් ලක්ෂ 40ක් පමණ වටිනා නවතම ලැප්ටොප් පරිගණක යන්ත්‍ර ප්‍රදානය කිරීම වෙනුවෙන් ඊයේ (19) පැවති උත්සවයේ ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගී වෙමිනි. මෙම උත්සවය මාලඹේ පිහිටි කඩුවෙල ප්‍රාදේශීය ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේ දී පැවති අතර, මේ සඳහා රුපියල් ලක්ෂ 40ක් පමණ වටිනා මූල්‍ය දායකත්වය ලබා දී තිබෙන්නේ විමල් වීරවංශ අමාත්‍යවරයා සභාපතිත්වය දරණ පංචායුධ පදනම විසිනි.
     
    "අද රාජ්‍ය සේවයේ ඉතා ප්‍රබල කටයුත්තකට කරගහලා සිටින පිරිසක් හැටියට මේ ආර්ථික සංවර්ධන නිලධාරීන් අපි දකින්නේ. මේ රටේ 40%ක් ජීවත්වන්නේ දවසක ආදායම ඇමරිකානු ඩොලර් 2ක් නැතිනම් රුපියල් 250ක් පමණ උපයන මිනිස්සු. ඒ 40% වෙනුවෙන් වගකියන්න ඉන්නෙ, ඒ 40% වෙනුවෙන් කැපවෙලා වැඩි ආදායම් උපයන මට්ටමේ රටවැසියන් හැටියට පෙරළන්න වැඩකටයුතු කරමින් සිටින ප්‍රධානතම බලකාය හැටියට අපි දකින්නේ මේ ආර්ථික සංවර්ධන නිලධාරීන්. ඔබ සියලුදෙනාම පිළිගත් විශ්වවිද්‍යාලයක උපාධිය ලබලා රාජ්‍ය සේවයට ඇතුළත් වුණේ අර 40% වෙනුවෙන් වැඩකරන්න. 40%කගේ දවසක ආදායම රුපියල් 250 නම්  ඉතිරි 60% සම්පූර්ණයෙන්ම ඊට වඩා යහපත් කියලා අපි සිතන්න ඕන නැහැ. ඒ 60% නුත් සැලකිය යුතු ප්‍රතිශතයක් ඊට වඩා ඉහළ ආදායමක් ලැබුවත් ඔවුන් ඉන්නෙත් අභියෝග කන්දකට මුහුණ දෙමින්. ඒ නිසා ඒ ප්‍රජාව වෙනුවෙන් පහළට  ආදායම් ගලාගෙන යාමට සැලැස්වීම ඕනෑම රජයක ප්‍රධාන වගකීමක්. දිවිනැගුම වැඩසටහන හරහා වුණත් සිදුවන්නේ එම පෙර සඳහන් කළ දිනක ආදායම රුපියල් 250ක් පමණ වන පහළ ආදායම් ලබන 40%ක ජන සමාජයට ප්‍රාග්ධනය ගලාගෙන යන මාර්ගයක් ඇති කිරීමයි". 
     
    කඩුවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ග්‍රාමසේවා වසම් 57ක ආර්ථික සංවර්ධන නිලධාරීහු සේවය කරති. ග්‍රාමීය ආර්ථිකය නගාසිටුවීමේ අරමුණින් ග්‍රාමීය ජනතාවගේ අවශ්‍යතා හා ඔවුන් මුහුණ දෙන ගැටලු සොයා බැලීම, ග්‍රාමීය සංවර්ධන අවශ්‍යතා සොයා බලා සැලසුම් සකස් කිරීම, දත්ත රැස් කිරීම ජනතාව සමග සම්බන්ධ වී කටයුතු කිරීම ආර්ථික සංවර්ධන නිලධාරීන් විසින් සිදු කරනු ලබයි. ඔවුන් ජනතා සේවයඉටු කිරීමේ දී මුහුණ දෙන ප්‍රධාන ගැටලු හා ඔවුන්ට අවශ්‍ය පහසුකම් පිළිබඳ අවධානය යොමු කළ විමල් වීරවංශ අමාත්‍යවරයා ඔවුන් සිදු කරන මහජන සේවය කාර්යක්ෂමව හා ගුණාත්මක වශයෙන් වර්ධනය කිරීමටත් ඔවුන්ගේ කාර්යයන් පහසු කිරීම සඳහාත් මෙම පරිගණක ප්‍රදානය සිදු කරන ලදී.
     
    ඊට අමතර ආර්ථික සංවර්ධන නිලධාරීන් විසින් විමල් වීරවංශ අමාත්‍යවරයාට සමරු තිළිණයක්ද මෙහිදී ප්‍රදානය කෙරිණ.
     
    මෙම අවස්ථාවට බස්නාහිර පළාත් සභා මන්ත්‍රීවරුන් වන හෙක්ටර් බෙත්මගේ, ජගත් කුමාර, කඩුවෙල නියෝජ්‍ය නගරාධිපති බුද්ධික ජයවිලාල්, සහකාර ප්‍රාදේශීය ලේකම් සම්පත් ඉඩම්ගොඩගේ, නාගරික මන්ත්‍රීවරු, අධ්‍යක්ෂකවරු, නිලධාරී මහත්ම මහත්මීහු ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ. 
     
    DB
     
    MP WW KADUWELA LAPTOP 1
     
    MP WW KADUWELA LAPTOP 2
     
    MP WW KADUWELA LAPTOP 32

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya