අප්‍රේල් 30, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පොසොන් බැතිමතුන්ට සහන සැලසීමට පැමිණෙන පිරිස් අවසරපතක් ලබාගැනීම අනිවාර්යයි

    මැයි 20, 2014

    පොසොන් උත්සවය පවතින කාලයේ විවිධ කණ්ඩායම් හා සංවිධාන රැසකින් බැතිමතුන් වෙනුවෙන් සිය සේවා ස්වේච්ඡාවෙන් සපයා දීම සෑම වසරකදීම සිදු කෙරෙන බැවින් ඒ සඳහා අවසර පතක් ලබාගැනීම අනිවාර්ය වේ.


    විශේෂයෙන් ආහාරපාන සැපයීම, සෞඛ්‍ය කටයුතු ආදිය ඒ අතර ප්‍රධාන තැනක් ගනී.


    අනුරාධපුර පොසොන් උත්සව කමිටුව ඊයේ (19) පැවති රැස්වීකදී මේ පිළිබඳව විශේෂයෙන් සාකච්ඡා කෙරිණි. බැතිමතුනට ගැටලුවක් නොවන ආකාරයෙන් එම පහසුකම් සපයන ස්ථාන පවත්වා ගැනීම එහි විශේෂ අරමුණ වේ. මෙම පහසුකම් සපයන්නන් සිය සේවාව පිළිබඳව මිහින්තලේ ප්‍රාදේශීය ලේකම්වරයාට දැනුම් දී ලිඛිත අවසරයක් ලබාගත යුතුයි. පූජා භුමිය හා ඒ අවට ක්‍රමානුකූලව මෙම සේවාවන් පවත්වා ගැනීමට අවශ්‍යවන හෙයින් මෙලෙස කටයුතු කරන බව අනුරපුර දිස්ත්‍රික් ලේකම්වරයා වැඩිදුරටත් පැවසීය.


    ECB/SB_dmu_anuradapura

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya