අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කෑගල්ල දිස්ත්‍රික්කයේ නිවාස, ඉඩම් හිමිකම් ඔප්පු ප්‍රදානයක් මේ මස 24වනදා

    මැයි 20, 2014


    ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ කෑගල්ල දිස්ත්‍රික් කාර්යාලය මගින් නිවාස, ඉඩම් හිමිකම් ඔප්පු ප්‍රදානය හා වඩු /පෙදරේරු ශිල්පීන් සඳහා පුහුණු සහතික පත්‍ර ප්‍රදානය කිරීමේ උත්සවයක් මේ මස 24වනදා පැවැත්වීමට කටයුතු යොදා ඇත.


     ඉදිකිරීම්, ඉංජිනේරු සේවා , නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම උත්සවය කෑගල්ල නගර ශාලාවේ දී පැවැත්වෙන බව කෑගල්ල දිස්ත්‍රික් අප මාධ්‍ය ඒකකය පවසයි.


    ඒ අනුව නිවාස, ඉඩම් හිමිකම් ඔප්පු 65ක් සහ වඩු/පෙදරේරු ශිල්පීන් සඳහා සහතික පත්‍ර 400ක් පිරිනැමීමට කටයුතු යොදා ඇති බව ජාතික  නිවාස සංවර්ධන අධිකාරියේ කෑගල්ල දිස්ත්‍රික් කළමනාකරු පී.ඒ.එස්.පී ආරියවංශ මහතා සඳහන් කරයි.

     

    ECB/LT_dmu Kegalle

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya