අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනතාව අන්තවාදීන්ගේ ගොදුරුබවට පත්වීමට අප ඉඩ තබන්නේ නෑ

    මැයි 20, 2014

    අන්තවාදී අදහස් දරන්නන් සෑම ජාතියකම ඉන්නා බවත් ජනතාව ඒ අන්තවාදීන්ගේ ගොදුරු බවට පත්වීමට අප ඉඩ තබන්නේ නැති බවත් අපේ ජාතීන් අතර සහෝදරත්වය සැමදාම ඒ ආකාරයෙන්ම තිබිය යුතු යැයි උතුරු මැද පළාත් ප‍්‍රධාන අමාත්‍ය එස්.එම්. රංජිත් සමරකෝන් මහතා පවසයි.


    නියම බෞද්ධයා යනු තවත් පිරිසක් හෝ පුද්ගලයෙකු පීඩාවට පත් කරන්නෙකු නොව ප‍්‍රතිපත්ති මත ජීවත් වන සමානාත්මතාව මත පිහිටා කි‍්‍රයාකරන පුද්ගලයා යැයි ප‍්‍රධාන අමාත්‍යවරයා සඳහන් කළේ ගලෙන්බිඳුනුවැව දිවුල් වැව, ශී‍්‍ර ජයසුමනාරාම  විහාරස්ථානයේ අටවිසි බුද්ධ ප‍්‍රතිමා කුටි ඉදි කිරීම සඳහා මුල්ගල තැබීමේ අවස්ථාවට  එක්වෙමිනි.


    මෙහිදි එම කුටි ඉදි කිරීම සඳහා ප‍්‍රධාන අමාත්‍යාංශ අරමුදලින් රුපියල් ලක්ෂ පහක  මුදලක් ද ප‍්‍රධාන අමාත්‍යවරයා විසින් විහාරස්ථානයට ප‍්‍රදානය කරන ලදි.


    මෙහිදි තවදුරටත් අදහස් දැක් වූ ප‍්‍රධාන අමාත්‍යවරයා මම හොඳ බෞද්ධයෙක්. අපි බුදු දහම අනුව ජීවත් විය යුතුයි. බුදු දහම අනුව ජීවත් වන්නේ නම් ඒ දර්ශනය මත පිහිටා කටයුතු කළ යුතු බව මාගේ විශ්වාසයයි. බුද්ධ දර්ශනයේ පිළිවෙත වන්නේ සියල්ලන් එක හා සමානව සමානාත්මතාවයෙන් ජීවත් වීමයි. අද මේ රටේ රාජ්‍ය පාලකයා ඒ තුළ  පිහිටා ජීවත්වීම නිසයි එතුමා සියලු ජනකොටස්වල ගෞරවාදරයට පත්ව සිටින්නේ. මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමා අද වන විට මේ රටේ සියලු ආගම්, සියලු ජාතීන්ගේ ගෞරවයට, ආදරයට, විශ්වාසයට, ලක්වීමට හේතුවත් එතුමා නියම බෞද්ධයෙක් වීම නිසයි.


    මේ වනවිට මේ රටේ කුමන්ත‍්‍රණයක් ක‍්‍රියාත්මක වෙනවා. ඒ අපේ රටේ ආගම් අතර බේදයක් ඇති කිරීමයි. විදේශ බලවේගවල අවශ්‍යතාවක් මත සියුම් ලෙස දැන් ඒ කාර්ය සිදුවෙමින් පවතිනවා. අපි ඒවාට රැවටෙන්න හොඳ නෑ. සිංහල, මුස්ලිම් ජනතාව ඉතා හොඳ අවබෝධයෙන් කටයුතු කිරීම සතුටට කරුණක්. අන්තවාදී අදහස් දරන්නන් සෑම ජාතියකම ඉන්නවා. ජනතාව ඒ අන්තවාදීන්ගේ ගොදුරු වීමට අප ඉඩ තබන්නේ නැහැ.  අපේ සහෝදරත්වය සැමදාම ඒ ආකාරයෙන්ම තිබිය යුතුයි.


    ශ‍්‍රී ජයසුමනාරාම විහාරාධිපති කුඩා රඹාවැවේ විමලධර්ම නාහිමි, ගලෙන්බිඳුනුවැව ප‍්‍රාදේශීය සභාවේ සභාපති නාමල් විජේවර්ධන මහත්වරු ද මේ අවස්ථාවට එක් වූහ.


    HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya