අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මැදවච්චිය අතුරු මාර්ග පිළිසකර කෙරේ

    මැයි 19, 2014
    ආර්ථික සංවර්ධන අමාත්‍යංශය මගින් ක්‍රියාත්මක කෙරෙන "එක ගමකට එක වැඩක්" වැඩසටහන යටතේ මැදවච්චිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ගම්මාන රැසක අතුරු මාර්ග පිළිසකර කිරීමට පියවර ගෙන ඇත.
     
    මේ අනුව රුපියල් ලක්ෂ පනහක වියදමින් මැදවච්චිය ඔඩුම්බුගල, බෙල්ලන්කඩවල, අගුනොච්චිය සහ සීප්පෑව යන ගම්මානවල පිවිසුම් මාර්ග පිළිසකර කිරීමේ කටයුතු ළමා සංවර්ධන හා කාන්තා කටයුතු අමාත්‍ය තිස්ස කරල්ලියද්ද මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (18) ආරම්භ කෙරිණි.
     
    වසර ගණනාවක් කිසිදු ප්‍රතිසංස්කරණයකට ලක් නො වූ මෙම අතුරු මාර්ග කඩිනමින් පිළිසකර කිරීමට පියවර ගෙන තිබේ.
     
    මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමන්ගේ උපදෙස් මත මේ වන විට මැදවච්චිය ආසනයේ සෑම ගමකම ජනතාව අත්‍යවශ්‍ය වූ කුමන හෝ සංවර්ධන කටයුත්තක් සිදුකෙරෙන බව ද, කිසිදු පක්ෂ භේදයකින් තොරව ඊට ග්‍රාමීය ජනතාවගේ උපරිම සහයෝගය ලැබෙන බව ද අගුනොච්චිය මාර්ග පිළිසකර කිරීමේ කටයුතු ආරම්භ කිරීමට පැවති ජන හමුවේ දී අදහස් දක්වමින් අමාත්‍ය තිස්ස කරල්ලියද්ද මහතා ප්‍රකාශ කළේය.
     
    "දශක තුනක යුද්ධයෙන් බැට කෑ මැදවච්චිය ආසනයේ ජනතාව දැන් නිදහසේ හුස්ම ගනිමින් තම දරුවන්ගේ අනාගතය වෙනුවෙන් කුමන හෝ කර්මාන්තයක නියැළී ආර්ථිකය ශක්තිමත් කරගනිමින් රටට බරක් නො වී ජීවත්වීම අගය කළ යුතුයි. එදා ඔවුන්ට හේනට කුඹුරට පවා යන්න බැරි තත්ත්වයක් තිබුණා. ඔවුන්ගේ දරුවන්ට ගමේ පාසලට යන්න බැරි තත්ත්වයක් තිබුණා. ඒ අඳුරු යුගය නිමා කළේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ උදාර නායකත්වය මත බව අද ඇතැම් අයට අමතකයි. නමුත් මේ රටේ බහුතර බුද්ධිමත් එසේම කෘතගුණ දන්නා ජනතාව තම ජිවිත කාලය පුරාම ඒ බව අමතක කරන්නේ නැහැ. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා කියන්නේ මේ රටේ පිනට පහළ වූ නායකයෙක්" යැයි ද කීය.
     
    "මේ රටට විරුද්ධව කුමන්ත්‍රණය කරන ඇතැම් බලවත් රටවල නායකයන්ගේ දරුවෝවත් ඒ ක්‍රමන්ත්‍රණවලට උදව් කරන මේ රටේ සිටින අන්තගාමීන්ගේ දරුවෝවත් නෙවෙයි. මේ රටේ අහිංසක සිංහල, දෙමළ, මුස්ලිම් යන එකම ශ්‍රී ලාංකික දෙමව්පියන්ගේ දරුවෝ පමණයි. කුමන භාෂා කතා කළත් යුද්ධය නිසා මියගියෙත් මේ රටේ දරුවන්. ඒ වේදනාව විඳින්න සිදුවුණෙත් මේ රටේ සිංහල, දෙමළ, මුස්ලිම් දෙමාව්පියන්ට, ඥාතීන්ට, හිතවතුන්ට"යැයි ද කීය.
     
    අද රට බේරගන්න එක එක විදියේ නායකයෝ, වීරයෝ, සංවිධාන, පෙරමුණු තිබෙන බවත් නමුත් මේ සියල්ල නමට පමණක් බවත් පෙන්වාදෙන අමාත්‍යවරයා රට ගැන කිසිම හැඟීමකින් නො ව තමන්ගේ අතට ලැබෙන මුදල පිළිබඳව සිතා ඔවුන් කටයුතු කරන බවත් පැවසීය.
     
    නමුත් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා හෝ එතුමන්ගේ රජය කිසිදු අයුරකින් මේ රට බලවත් රටවල්වල රූකඩයක් බවට පත් කරන්නේ නැති බව ජනතාව හොඳින් දන්නා බවත් අද ඈත පිටිසර ගම්මානවල පවා කොන්ක්‍රීට් පාරවල්, රජයේ ගොඩනැඟිලි ඉදිකරමින් මහින්ද රාජපක්ෂ යුගය මේ රටේ සංවර්ධන විප්ලවයක් කළ යුගයක් ලෙස ඉතිහාසයට එක්ව අතරම විශේෂයෙන් ඒ බව ජන හදවත් තුළ නොමැකී තිබෙන බව විශ්වාස බවත් අමාත්‍යවරයා පෙන්වාදුන්නේය.
     
    ක්‍රියාකාරී දේශපාලන පක්ෂ දහ අටක ආශිර්වාදයෙන් ගොඩනැඟී ඇති මේ රජය පෙරළන්න ජනතාව කිසිවෙකුට ඉඩ නොතබන බවත් මේ රටේ සිටින එකම එක පොදු අපේක්ෂකයා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා බව ජනතාව එදත් අදත් හෙටත් හොඳින්ම දන්නා කරුණක් බවත් අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය. 
     
    මැදවච්චිය ප්‍රාදේශීය සභාවේ සභාපති එන්.කේ. පීරිස්, මන්ත්‍රී කැළුම් වික්‍රමසිංහ මහත්වරුන් ඇතුළු අගුනොච්චිය ගම්වාසීන් විශාල පිරිසක් මේ අවස්ථාවට පැමිණ සිටියහ.
     
    DB
     
    MEDAWACCHIYA EKA GAMAKATA EKA WEDAK 1
     
     
     
    MEDAWACCHIYA EKA GAMAKATA EKA WEDAK 2

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya