අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පොලොන්නරුව පාසලකින් ගවයන් දෙදෙනෙකුට අභයදානය

    මැයි 19, 2014
    සම්බුදු තෙමඟුල සමරමින් මරණයට කැපවූ ගවයන් දෙදෙනෙකුට අභයදානය ලබාදීම අද (19) පෙරවරුවේ පොලොන්නරුව රාජකීය ප්‍රාථමික විදුහලේදී සිදු කෙරිණි.


    විදුහල්පති වයි.ජී. චන්ද්‍රරත්න මහතාගේ අදහසකට අනුව කුඩා දරු දැරියන් කැටවලට එකතු කරගත් මුදල් හා ගුරු මණ්ඩලයේ පරිත්‍යාගවලින් මේ කාර්යය ඉටු කර තිබේ.


    මෙහිදී අදහස් දැක්වූ විදුහල්පතිවරයා, මේ වෙසක් සමයේ දරුවන් ආගමික පරිසරයක් වෙත යොමු කිරීමේ අරමුණින් පාසලේ සිල් සමාදන්වීම, දන්සැල් පිරිනැමීම සහ සතුන් නිදහස් කිරීමේ කාර්යයන් මඟින්ද සෑම සත්ත්වයෙකු කෙරෙහි ම දයාව, කරුණාව දක්වන යහපත් මානසිකත්වයෙන් යුතු දරු පරපුරක් බවට පත් කිරීම අරමුණ ඇතිව මේ කාර්යයන් සිදු කළ බව පැවසීය.

    මේ අවස්ථාවට බුත්තල සුමනවංශ හිමිපාණන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නය, පාසලේ ආචාර්ය මණ්ඩලය සහ ශිෂ්‍යශිෂ්‍යාවෝ එක්ව සිටියහ.

    NDH/WK-BG_dmu_polonnaruva

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya