නොවැම්බර් 22, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අනුරාධපුරටත් සුවිසල් රංගශාලාවක්

    මැයි 19, 2014

    අනුරාධපුර රංගශාලාවේ ඉදිකිරීම් කටයුතු ලබන ජූනි මුල් සතියේදී ආරම්භ කිරීමට නියමිත අතර මේ සඳහා අනුරාධපුර බන්ධනාගාර භූමියෙන් වෙන් කළ ඉඩම් අක්කර 03ක ප‍්‍රමාණය පසුගියදා සංස්කෘතික අමාත්‍ය ටී.බී. ඒකනායක මහතාගේ නිරීක්‍ෂණයට ලක් විය.


    කොළඹ නෙළුම් පොකුණ රංගශාලාවට පමණක් දෙවැනි වන සේ මෙය ඉදිකෙරේ.


    විශේෂ ව්‍යාපෘති අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතා ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමාගෙන් කරන ලද ඉල්ලීමක ප‍්‍රතිඵලයක් වශයෙන් රංගශාලාව ඉදිකිරීමට පසුගිය අයවැයෙන් මුදල් වෙන් කර තිබේ. පළමු අදියරේ ඉදිකිරීම් සඳහා රුපියල් මිලියන 1500කි.


    මෙසේ ඉදිකිරීමට නියමිත රංගශාලාව ආසන 1000‍-1500ත් අතර ප‍්‍රමාණයකින් සමන්විත වේ. සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍යංශය මඟින් ඉදිකිරීම් අධීක්ෂණය සිදුකරයි.


    මේ අවස්ථාවට උතුරු මැද පළාත් ආණ්ඩුකාර කරුණාරත්න දිවුල්ගනේ, විශේෂ ව්‍යාපෘති අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන, උතුරු මැද පළාත් ප‍්‍රධාන අමාත්‍ය එස්.එම්. රංජිත් සමරකෝන් යන මහත්වරු එක් වූහ.

     

    NDH

     


    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya