අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාත්‍යන්තරයේ භික්ෂු හිඟයක් නෑ

    මැයි 19, 2014
    අපේ රටේ ශාසනික කටයුතු සදහා ප්‍රමාණවත් භික්ෂූන් වහන්සේලා අඩු නමුත් ජාත්‍යන්තර වශයෙන් ආගමික කටයුවල නියැළෙන හා විදෙස් විහාරාරාමවල කටයුතු කරන භික්ෂුන් වහන්සේලාගේ නම් හිඟයක් නැතැයි නවසීලන්තයේ සංඝනායක වල්පොළ මුනින්ද්‍රවංශ නා හිමිපාණෝ සඳහන් කරති.
     
    උන්වහන්සේ එසේ සඳහන් කළේ පසුගියදා රඹුක්කන වල්පොළ විජේසුන්දරාම පුරාණ විහාරස්ථානයේ පැවති උත්සව සභාවක් අමතමිනි. 
     
    වෙසක් පුන් පෝ දින මහනුවර මල්වතු උපෝෂිත මංගලාරාමයේ දී උපසම්පදා ශීලය ලද භික්ෂූන් වහන්සේ හය නමක් පිළිගැනීම සඳහා මෙම උළෙල සංවිධානය කර තිබිණි.
     
    "භික්ෂුන් වහන්සේගේ සේවය අනිවාර්යයෙන් ලබන්නේ ගිහි සමාජයයි. උන්වහන්සේලා දිවා රෑ නොබලා ගිහි සමාජයේ යහපතට කැපවෙති. අද අප රටේ භික්ෂූන් වහන්සේ කෙරෙහි ජාත්‍යන්තර වශයෙන් ඇත්තේ ඉමහත් පිළිගැනීමකි. එම පිළිගැනීම පළුදු නොවන ආකාරයෙන් කටයුතු කිරීම අප රටේ සෑම භික්ෂුන් වහන්සේ නමකගේ වගකීමයි". 
     
    අද අප රටට ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාට ඉතා වාසනාවන්ත යුගයක් උදාකර තිබෙන බවත් සම්බුද්ධ ශාසනයත්, භික්ෂුන් වහන්සේත් රැකගැනීම සඳහා එතුමා ප්‍රමුඛ වත්මන් රජය සැදී පැහැදී සිටින බවත් උන්වහන්සේ පැවසූහ.
     
    ඉතිහාසයේ පෙර නො වූ විරූ ශාසනික පුනරුදයක් මේ වන විට රට පුරා දක්නට ඇති බවත් රාජ්‍ය නායකයාගේ මග පෙන්වීම අනුග්‍රහය ඒ සඳහා මැදිහත්වීම එම ශාසනික පුනරුදය සඳහා මහෝපකාරී වී ඇතැයි සබරගමු පළාත් ප්‍රධාන අමාත්‍ය මහීපාල හේරත් මහතා කීය.
     
    භික්ෂුන් වහන්සේගේ කැපවීම අප්‍රමාණ බවත් ස්වකීය සැප පහසුව වෙනුවට බහුජන අර්ථ හිතසුව පිණිස උන්වහන්සේ වෙතින් මහත් කැපවීමක් සිදුවුවද එය නොදකිමින් ඇතැමුන් භික්ෂූ සමාජය විවේචනය කිරීම කනගාටුවට කරුණක් බවත් මහ ඇමතිවරයා කීය.
     
    හිටපු දියවඩන නිළමේ නේරංජන විජේරත්න මහතා ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
     
    DB
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya