මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කඩුවෙල සංවර්ධන නිලධාරීන්ට පරිගණක යන්ත්‍ර

    මැයි 19, 2014
    කඩුවෙල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සංවර්ධන නිලධාරීන් 57 දෙනෙකු සඳහා පරිගණක යන්ත්‍ර (ලැප්ටොප්) ප්‍රදානය කිරීම ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (19)  මාලබේ පිහිටි කඩුවෙල ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේ දී සිදු කෙරේ.
     
    රුපියල් ලක්ෂ 4කට ආසන්න මුදලක් වැය කරමින් පංචායුධ පදනමේ අනුග්‍රහයෙන් මෙම පරිගණක ප්‍රදානය සිදුකෙරේ. 
     
    සංවර්ධන නිලධාරීන්ගේ රාජකාරි කටයුතු වඩාත් පහසු කිරීමේ අරමුණෙන් විමල් වීරංවශ අමාත්‍යවරයාගේ උපදෙස් පරිදි මෙම පරිගණක යන්ත්‍ර නොමිලේ ලබාදීම සිදුකරනු ලබයි.
     
    මෙම අවස්ථාවට පළාත් සභා මන්ත්‍රීවරුන් වන හෙක්ටර් බෙත්මගේ, ජගත් කුමාර, කඩුවෙල මහ නගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති බුද්ධික ජයවිලාල් යන මහත්වරුන් ඇතුළු පිරිසක් සහභාගීවීමට නියමිතය.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya