අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    භික්ෂු විශ්වවිද්‍යාලයේ භාෂා හා සංස්කෘතික පීඨ ගොඩනැගිල්ල ඇමති බැසිල් අතින් විවෘත වේ

    මැයි 18, 2014

    අනුරාධපුර ශ‍්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලය අංග සම්පූර්ණ ජාත්‍යන්තර බෞද්ධ විශ්වවිද්‍යාලයක් ලෙස සංවර්ධනය කිරීම අරබයා රුපියල් මිලියන 380ක පමණ වියදමින් විශ්වවිද්‍යාල භූමියෙහි ඉදි කරන ලද භාෂා හා සංස්කෘතික අධ්‍යයන පීඨ ගොඩනැගිල්ල විවෘත කිරීම ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් ඉකුත් සිකුරාදා සිදු කෙරිණි.


    බුද්ධ ශ‍්‍රාවක ධර්ම පීඨය වශයෙන් 1969 වසරේදී ආරම්භ කර ඇති මෙම විශ්වවිද්‍යාලය 1996 වසරේ දී අංක 26 දරණ පනතින් බුද්ධශ‍්‍රාවක විශ්වවිද්‍යාලය බවට පත්කර ඇති අතර 1998දී ප‍්‍රථම ශිෂ්‍ය කණ්ඩායම ඇතුළත් කර ගන්නා ලදී. අනතුරුව මෙම විශ්වවිද්‍යාලය 2012 වර්ෂයේදී ශ‍්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලය ලෙස ස්ථාපිත කරන ලදී.


    බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීම්වලට අනුකූලව ශිෂ්‍ය භික්‍ෂූන් වහන්සේලා පුහුණු කිරීම, විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය භික්‍ෂූන් වහන්සේලා අතර බෞද්ධ භාවනාව පිළිබඳ පුහුණුව හා පර්යේෂණ ප‍්‍රවර්ධණය කිරීම, ථෙරවාදී බුද්ධ ධර්මය ශ‍්‍රී ලංකාවේ හා විදේශ රටවල්වල ප‍්‍රචාරය කිරීමට ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා පුහුණු කිරීම, බුද්ධ ධර්මය හැදෑරීම හා ඒ පිළිබඳව පර්යේෂණ කිරීමට ධෛර්ය දීම සහ ඉහත සඳහන් පරමාර්ථවලට සම්බන්ධ හෝ ආනුෂංගික වෙනත් කවර වුවද කාර්යක් කිරීම යනාදිය මෙම විශ්වවිද්‍යාලය පිහිටුවීමේ පරමාර්ථයන්ය.


    ශ‍්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලය බෞද්ධ අධ්‍යයන පීඨය සහ භාෂා සහ සංස්කෘතික අධ්‍යයන පීඨය යන පීඨ දෙකෙන් සමන්විත වන අතර බෞද්ධ හා පාලි අධ්‍යයන අංශය, ප‍්‍රායෝගික බෞද්ධ අධ්‍යයන අංශය, භාෂා අධ්‍යයන අංශය, සමාජීය විද්‍යා හා තුලනාත්මක අධ්‍යයන අංශය යන අංශවලින් යුක්තය. මේ වන විට උපාධි අපේක්‍ෂක ශිෂ්‍ය භික්ෂුන් වහන්සේලා 300කට පමණ ආසන්න සංඛ්‍යාවක් අධ්‍යාපනය හදාරණ අතර ආචාර්යවරුන්ගේ සංඛ්‍යාව 35ක් පමණ වේ.


    ශ‍්‍රී ලංකා රාමඤ්ඤ නිකායේ මහා නායක අතිපූජ්‍ය නාපානේ පේමසිරි මහානායක හිමිපාණන්, ශ‍්‍රී ලංකා භික්‍ෂු විශ්වවිද්‍යාලයේ මහෝපාධ්‍ය මහාචාර්ය තුඹුල්ලේ සීලක්ඛන්ද නාහිමිපාණන් ප‍්‍රමුඛ මහා සංඝරත්නයද, උතුරු මැද පළාත් ආණ්ඩුකාර කරුණාරත්න දිවුල්ගනේ, උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.බී. දිසානායක, අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන, උතුරු මැද පළාත් ප‍්‍රධාන අමාත්‍ය එස්.එම්. රංජිත්, නියෝජ්‍ය අමාත්‍ය නන්දිමිත‍්‍ර ඒකනායක ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.


    HC/KT_med_pix by Darshana Karunarathne

    Opening ceremony of Anuradapura international Bikshu University

    Opening ceremony of Anuradapura international Bikshu University 1

    Opening ceremony of Anuradapura international Bikshu University 2

    Opening ceremony of Anuradapura international Bikshu University 2

     

    image

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya