අප්‍රේල් 30, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    යාපනය අඩු ආදායම්ලාභී දරුවන්ට ශිෂ්‍යත්ව

    මැයි 18, 2014

    යාපනය දිස්ත්‍රික්කයේ තෝරා ගත් අඩු ආදායම්ලාභී පාසල් දරුවන් 205 දෙනෙකු සඳහා ශිෂ්‍යත්ව පිරිනැමීම පසුගියදා සිදු කෙරිණි.


    මෙවර වෙසක‍් උත්සවය නිමිත්තෙන් නිර්මාණය කරන ලද "යාපා පටුනයි දහම් අමාවයි" වෙසක් කලාපය තුළ සංවිධානය කොට තිබූ වෙසක් බැති ප්‍රසංගය අවසානයේ දී මෙම දරුවන් වෙත මුදල් තැන්පත් කළ බැංකු පොත් ප්‍රදානය කිරීම සිදු විය.


    මෙහිදී අභයදානය ලබා දුන් කිරි ගවයන් සහ වසු පැටවුන් ද යාපනය දිස්ත්‍රික්කයේ දිළිඳු පවුල් වෙත භාර කෙරිණි.


    සම්ප්‍රදායික කර්මාන්ත හා ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය ඩග්ලස් දේවානන්දා, යාපනය ආරක්ෂක සේනාධිපති මේජර් ජෙනරාල් උදය පෙරේරා යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

     

    NDH/mod

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya