අප්‍රේල් 30, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ධීවර නිලධාරියා‍, ධීවර ජනතාව වෙනුවෙන් කරන සේවය වැඩි කළ යුතුයි

    මැයි 18, 2014

    ධීවර පරීක්ෂකවරුන්ගේ තනතුර ධීවර නිලධාරීන් ලෙස ඉහළ තලයකට පත් වීමෙන් ඔවුන්ගේ සේවයට අභිමානයක් ලැබෙන බවත් මේ මඟින් ධීවර ජනතාව වෙනුවෙන් කරන සේවයත්, කැපවීමත් තව තවත් වැඩි විය යුතු බවත් ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය.


    අමාත්‍යවරයා මේ බව පැවැසුවේ පසුගියදා කොළඹ සී-නෝර් පදනමේ පැවති ධීවර පරීක්ෂකවරුන්ගේ උත්සවයේ ප‍්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වෙමිනි.


    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා, රටේ ධීවර කර්මාන්තය කෙරෙනවා නම් ඒ සඳහා ඍජුවම සම්බන්ධ වෙන්නේ ධීවර පරීක්ෂකවරයායි. මෙවැනි උසස්වීම්වලදී වැදගත් වන්නේ පඩි වැඩිවීමට වඩා රැකියාවේ අභිමානයයි. ඒ නිසා දැනට වඩා සිය ගුණයක් උනන්දුවෙන් වැඩ කරන්න. අපිට කරන එකම ගරුත්වය එයයි. නීති විරෝධී ධීවර කටයුතු ඇල්ලීමේදී බිය වෙන්න එපා. සියලුදෙනාට ම අලුත් තනතුරු, උසස්වීම් ලබා දෙන්න වැඩපිළිවෙළක් සකස් කරන බවද පැවසීය.


    ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යවරයාගේ මැදිහත්වීම නිසා ධීවර පරීක්ෂකවරුන් සියලුම දෙනා ධීවර නිලධාරීන් ලෙස තනතුරු නාමය වෙනස් කරමින් උසස් කිරීමට පියවර ගැනිණි. මේ අනුව ධීවර නිලධාරීන් වසර ගණනාවක සිට ඉල්ලා සිටි උසස්වීම් ලැබී තිබේ. මෙහිදී විශ‍්‍රාම ගිය ධීවර පරීක්ෂකවරුන්ට අමාත්‍යතුමා විසින් උපහාර තිළිණ ද පිරිනමන ලදී.

     

    මේ අවස්ථාවට ධීවර නියෝජ්‍ය අමාත්‍ය සරත් කුමාර ගුණරත්න, අමාත්‍යාංශ ලේකම් ආචාර්ය ඩී.එම්.ආර්.බී. දිසානායක, ධීවර අධ්‍යක්ෂ ජනරාල් නිමල් හෙට්ටිආරච්චි, ජාතික ධීවර මහා සම්මේලනයේ මහ ලේකම් ප්‍රේමසිරි පෙරේරා, යන මහත්වරු සහභාගි වූහ.

     

    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya