අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    තරගකාරී අධ්‍යාපන ක්‍රමය විශිෂ්ට දරු පරපුරක් බිහිවිමට විශාල පිටිවහලක්

    මැයි 16, 2014
    වර්තමානයේ වඩාත් ප්‍රතිඵලදායක අධ්‍යාපනික ප්‍රතිපත්ති ක්‍රියාවට නංවන්න අපේ රජය කටයුතු කොට ඇති බවත් නගරයේ පාසලට සාපේක්ෂව ගමේ පාසලත් සංවර්ධනය කරමින් තිබෙන නිසා විශිෂ්ට දක්ෂයන් අපේ ගමේ පාසල්වලින් බිහිවන බවත් රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍ය ඩබ්ලිව්. ඩි.ජේ.සෙනෙවිරත්න මහතා පවසයි. 
     
    ඒ මහතා මෙම අදහස් පළ කළේ බළංගොඩ ඕපනායක, විද්‍යාකර මහා විද්‍යලයට වසර 125ක් පිරීම නිමිති කරගෙන පැවති උත්සවයේ හා  අධ්‍යාපන ප්‍රදර්ශනයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස  සහභාගිවෙමිනි.
     
    "ඒ කාලේ වගේ නෙවෙයි අද කාලේ, අපේ දෙමාපියනුත් හරි උනන්දුවෙන් අපේ ළමයින්ට හොඳ අධ්‍යාපනයක් දෙන්න මහන්සි වෙනවා. ඒ අනුව අද ආසියානු රටවල් අතරින් සාක්ෂරතාවය  96% ඉක්මවමින් ශ්‍රි ලංකාව  අධ්‍යාපනය අතින් ඉදිරියෙන්ම ඉන්නවා. මේ නිසා අද අධ්‍යාපනයට විශාල තරගයක් ඇතිවෙලා. කාටවුණත් ඕනේ මේ තරගය දිනන්න.‍ අද ඇතිවෙලා තියෙන මේ තරගකාරී ක්‍රමය තුළ විශිෂ්ට, ඒ වගේම දක්ෂ දරු පරපුරක් බිහිකරන්න හේතුවෙලා තියෙනවා. ඒක අපේ අධ්‍යාපනයේ බොහොම හොඳ ප්‍රවණතාවක්" යැයි ද කීය.
     
    "අද ගමේ පාසල් දියුණු කරන්න පාසල් 1,000ක් සංවර්ධනය කිරිමේ ව්‍යාපෘතිය වැනි විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කරලා තියෙනවා. මොකද අද දෙමාපියන්ගේ හීනයක්නේ තමන්ගේ ළමයි ජාතික පාසලකට, ජනප්‍රිය පාසලකට දාගන්න එක. ඒ හින්දා මේ වැඩසටහන්වලින් ගමේ පාසල් ජාතික මට්ටමට ගේන්න පියවර ගෙන තිබෙනවා. ළමයින්ට හොඳ අධ්‍යපන වටපිටාවක් දැන් රජය හදාගෙන යනවා, ඉතින් ඒකෙන් ප්‍රයෝජන ගන්න ‍අපේ ළමයි හොඳින් හිතට ගන්න ඕනේ” යැයි ද පැවසිය.
     
    නිදහස් අධ්‍යාපනය නිධානයක් බවත් නොමිලේ අධ්‍යාපනය දෙන වෙන කිසිම රටක් නොමැති බවත් ඉන් ඵල ප්‍රයෝජන ගත් සමහර පුද්ගලයින් අද ලෝකයම පිළිගත්ත චරිත බවට පත්ව ඇති බවත් අමාත්‍යවරයා පැවසීය.
     
    "අපේ අධ්‍යාපනය, අධ්‍යාපන ප්‍රතිපත්ති හොඳ නැහැ කියන්න කාටවත් බැහැ. අද තාක්ෂණ විෂයන් ඇතුළු නව විෂයන් අන්තර්ගත කරලා ශිෂ්‍යයන්ට හොඳ මඟපෙන්විමක් ලබාදීලා තියෙනවා. විවිධ අය චෝදනා කරනවා අපේ පාසල් අධ්‍යාපනය හොඳ නැහැ, ළමයින්ට අනාගතේ රස්සාවක් ගන්න බැහැ ඔය විෂයන් ඉගෙනගෙන කියලා. අපේ ළමයි තරග විභාගවලින් ඉහළ ප්‍රතිඵල ගත්තා. ඒ වගේම පිටරටවල රැකියා ඉල්ලුම් තිබුණා. නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙනගෙන තමන්ගේ රටට සේවය කරන්න බලාගෙන හිටපු අයටත් අවස්ථාව දුන්නා. ඒක අපේ රජයට අභියෝගයක් වුණා " යැයිද ‍සෙනෙවිරත්න මහතා පැවසීය.
     
    පසුගිය වසරේ නිදහස් අධ්‍යාපනයෙන් දුක් මහන්සි වී ඉගෙනගත් අපේ උපාධිධාරි දරුවන්ට රැකියා 50,000ක් දෙන්න රජය කටයුතු කළ බවත් මේ අධ්‍යාපනය විශාල තරගයක් බවත් පෙන්වා දෙන අමාත්‍යවරයා ඒක ජයගන්න ඒක හැමෝගෙම අභියෝගයක් බවත් පෙන්වා දුන්නේය.
     
    මෙම අවස්ථාවට  විද්‍යාකර මහා විද්‍යලයේ විදුහල්පති පූජ්‍ය මාදොල සෞගත හිමි, වැලිගෙපොළ ප්‍රාදේශීය සභා සභාපති කැළුම් ප්‍රියංකර ජයසිංහ මහතා, ඕපනායක ප්‍රාදේශීය ලේකම් ගයානි කරුණාරත්න මෙනවිය, ඕපනායක පොලිස් ස්ථානාධිපතිතුමා හා රාජ්‍ය නිලධාරින් ඇතුළු විශාල පිරිසක් සහභාගිවි සිටියහ.
     
    DB
     
    MP WDJ OPANAYAKE 1
     
     
     
    MP WDJ OPANAYAKE 2
     
     
     
    MP WDJ OPANAYAKE 3

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya