අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පන්නල විදාතා මධ්‍යස්ථානය ජනතා අයිතියට

    මැයි 16, 2014

    පන්නල විදාතා මධ්‍යස්ථානය ජනතා අයිතියට පත්කිරීම පසුගියදා ඛනිජතෙල් කර්මාන්ත අමාත්‍ය අනුර ප‍්‍රියදර්ශන යාපා මහතාගේ ප‍්‍රධානත්වයෙන් සිදු කෙරිණි.


    මේ සඳහා වැය කර ඇති මුදල රුපියල් ලක්ෂ 55කි.


    ග‍්‍රාමීය ප‍්‍රදේශවල ව්‍යවසායකත්ව සංවර්ධනය වෙනුවෙන් තාක්ෂණ ආධාර ලබාදීම අරමුණු කරගනිමින් ආරම්භ කරන ලද විදාතා මධ්‍යස්ථානය මඟින් ග‍්‍රාමීය ප‍්‍රදේශවල ජනතාවට විශාල සේවයක් සිදු වන බව අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය. ග‍්‍රාමීය සංවර්ධනය සඳහා තාක්ෂණ ආධාර සැපයීමේ විවිධ ආයතන එක්වහළක් යටට ගෙන ඒම විදාතා මධ්‍යස්ථාන ආරම්භ කිරීමෙන් සිදුවූ බවත් ඒ නිසා ග‍්‍රාමීය ප‍්‍රදේශවලට විශාල සේවයක් සිදුවී ඇති බවත් ඔහු තවදුරටත් පැවසීය.

     

    විශේෂයෙන්ම ග‍්‍රාමිය ජනතාවට නව කර්මාන්ත ආරම්භ කිරීම සඳහා ව්‍යවසායකත්ව පුහුණව ලබාදීම වැදගත් කාර්යක් වේ. ව්‍යවසායකත්ව පුහුණුවක් නොමැතිව කර්මාන්ත කරන විශාල පිරිසක් ගම්වල සිටින බවත් ගමට තාක්ෂණය ලබාදීමේ අරමුණින් ක්‍රියාත්මක මේ වැඩපිළිවළ යටතේ අදාළ පිරිසට විශාල සේවයක් ලබාගත හැකි වන ආකාරයෙන් මෙම ව්‍යාපෘතිය කි‍්‍රයාත්මක කිරීම ද අමාත්‍යවරයාගේ පැසසුමට ලක්විය.


    ග‍්‍රාමීය කර්මාන්තකරුවන්ට ව්‍යවසායකත්ව පුහුණුව හා තාක්ෂණය ලබාදීම වගේම වෙළෙඳපොළ අවස්ථා පුළුල් කිරීම සඳහා වැඩපිළිවෙළක් සකස් කිරීමේ වැදගත්කම පෙන්වාදුන් අමාත්‍යවරයා විශේෂයෙන්ම කාන්තාවන් සඳහා ව්‍යවසායකත්ව පුහුණුව ලබාදීම තුළින් ගෘහණිය ආර්ථික ක‍්‍රියාවලියට සක‍්‍රීයව දායක කරගැනීමටත් ග‍්‍රාමීය ආර්ථිකය ශක්තිමක් කිරීමටත් හැකිවී ඇති බවද ඔහු පැවසීය.


    මේ වර්ෂය සඳහා පන්නල විදාතා මධ්‍යස්ථානය තුළ ව්‍යවසායකත්ව පුහුණුව ලබාගැනීමට ග‍්‍රාමීය කර්මාන්තකරුවන් 350 දෙනෙකු පමණ ලියාපදිංචි වී ඇත. මේ වන විට කණ්ඩායම් වශයෙන් ඒ ඒ කර්මාන්ත සඳහා පුහුණු සැසි පවත්වා තිබේ. කර්මාන්ත ආරම්භ කිරීම, අමුද්‍රව්‍ය සපයා ගැනීම, මුල්‍ය පහසුකම් සැපයීම, තාක්ෂණික පුහුණුවක් ලබාදීම මෙන්ම කෝප්සිටි වැනි රාජ්‍ය ආයතන සම්බන්ධ කරගනිමින් නිෂ්පාදන අලෙවි පහසුකම් ද පන්නල විදාතා මධ්‍යස්ථානයෙන් සපයනු ඇත.

     

    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya