අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කිලිනොච්චියට උද්භිද උද්‍යානයක්

    මැයි 17, 2014
    යුද්ධය අවසන් කළ උතුරු පළාතේ කිලිනොච්චිය දිස්ත්‍රික්කයේ උද්භිද උද්‍යානයක් පිහිටුවීමට උද්භිද උද්‍යාන හා පොදු විනෝදාත්මක කටයුතු අමාත්‍යංශය පියවර ගෙන ඇත.
     
    උතුරු ප්‍රදේශයේ ජෛව විවිධත්වය හඳුනාගමින් එම ප්‍රදේශවල වඳ වී යන ශාක සහ මල් වර්ග සංරක්ෂණය කිරීම, පාරිසරික සංචාරක කර්මාන්තය දියුණු කිරීම, උතුරු පළාතේ මල් වගාව ප්‍රචලිත කිරීම, උද්‍යාන ආශ්‍රිතව ග්‍රාමීය ආර්ථිකය දියුණු කිරී හා එමගින් රැකියා අවස්ථා සලසාදීමේ අරමුණින් මෙම උද්භිත උද්‍යානය පිහිටුවනු ලැබේ.
     
    උද්භිද උද්‍යානය ඉදිකිරීමේ කටයුතු සම්බන්ධයෙන් මූලික හඳුනාගැනීම් කටයුතු සඳහා උද්භිද උද්‍යාන හා පොදු විනෝදාත්මක කටයුතු අමාත්‍ය ජයරත්න හේරත් මහතා ඉදිරි දින කිහිපයකදී කිලිනොච්චියේ නිරීක්ෂණ චාරිකාවක නිරතවීමට ද නියමිතය.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya