අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ධීවර ජනතාව ඉතුරු කිරීමට පුරුදු කරනවා.

    මැයි 15, 2014

    ධීවර කාර්මිකයන් උපයන මුදල් නිසි ලෙස කළමනාකරණය නොකර නාස්ති කිරීම නිසා ඉතුරු කිරීමක් නොකරන බැවින් ධීවර ජනතාවගේ මුදල් නාස්ති කිරීම වළක්වා නිසි මුල්‍ය කළමනාකරණයකට යොමුකර ඉතුරු කිරීමට පුරුදු කරන බවත් ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පැවැසීය.


    අමාත්‍යවරයා මේ බව පැවැසුවේ පසුගියදා අමාත්‍යාංශයේ පැවති ජාතික ධීවර මහා සම්මේලනයේ ක්‍ෂුද්‍ර මුල්‍ය කේන්ද්‍රය ආරම්භ කිරීමේ සාකච්ඡාවට එක්වෙමිනි.

     

    ධීවර කාර්මිකයන්, ධීවර ගෘහණියන් මෙන්ම දරුවන් ඉතුරු කිරීමට හුරුකිරීමේ අවශ්‍ය අවස්ථාවල සහන පොලියට ණය ලබාදීමේ අරමුණින් මෙම ක්‍ෂුද්‍ර මුල්‍ය කේන්ද්‍රයන් ජාතික ධීවර මහා සම්මේලනය මඟින් ආරම්භ කරනු ඇත. ඉදිරි වසර 02 තුළ මෙවැනි ක්‍ෂුද්‍ර මුල්‍ය කේන්ද්‍ර 500ක් ආරම්භ කිරීමට සැලසුම් කොට තිබේ. දැනට දිවයින පුරා ජාතික ධීවර සම්මේලනයේ ග‍්‍රාමීය ධීවර සංවිධාන 1167ක් පිහිටුවා ඇති අතර ඒ සියල්ලම ඉලක්ක කර මෙම ක්‍ෂුද්‍ර මුල්‍ය කේන්ද්‍ර බිහිකිරීමට අපේක්ෂිතයි. මේ වන විටත් ධීවර කාන්තාවන්ට ස්වයංරැකියාවක් ආරම්භ කිරීම පිණිස රුපියල් 5000/- බැඟින් වන සුළු ණය ලබාදීම අරඹා තිබෙන බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.


    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා, ස්වයංරැකියා අවස්ථාවන් ධීවර පවුල්වලට ලබාදීමේ වැඩපිළිවෙළ ලංකාව පුරා ආරම්භ කර තිබේ. එවිට ගෙදර ඉඳලා අමතර ආදායමක් ලබාගන්න පුළුවනි. ලංකාව පුරාම ගෙනයන ක්‍ෂුද්‍ර මුල්‍ය වැඩපිළිවෙළක් ආරම්භ කරනු ඇත. මේ මඟින් මුදල් ඉතුරු කර ගැනීමට හෝ හදිසියකදී ණයක් ලබා ගැනීමට හැකි බවත් මෙය ඉතාම සුරක්‍ෂිත ණය ක‍්‍රමයක් බවත් කීය.

    මෙම අවස්ථාවට ධීවර අධ්‍යක්ෂ ජනරාල් නිමල් හෙට්ටිආරච්චි, ජාතික ධීවර මහා සම්මේලනයේ මහ ලේකම් ප්‍රේමසිරි පෙරේරා, කළුතර දිස්ත‍්‍රික් ධීවර සංවිධාන සභාපති දයානන්ද ද සිල්වා යන මහත්වරු සහභාගී වූහ.

     

    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya