මැයි 02, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සියලු සහන ලබාදී නව ව්‍යවසායකයින් බිහිකළ යුතුයි

    මැයි 14, 2014
    නිෂ්පාදන කර්මාන්ත ගම්මාන ඇතිකිරීම සඳහා බදු සහන ඇතුළු සියලු සහන ලබා දී නව ව්‍යවසායකයින් මේ රටේ බිහිකළ යුතු බවත් එමගින් මේ රටේ ජීවත්වන වර්තමාන පරම්පරාවට හා ඉදිරි පරම්පරාවන්ට ස්වශක්තියෙන් නැගීසිටිය හැකි සමාජ බලවේගයක් බවට පෙරළීමට හැකි වන බවත් ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය කඩුවෙල සංවර්ධන කමිටුවේ සභාපති විමල් වීරවංශ මහතා අවධාරණය කරයි. 
     
    අමාත්‍යවරයා මේ බව පැවසුවේ අඩු ආදායම්ලාභී පවුල් නගාසිටුවීම සඳහා මහන මැෂින් ප්‍රදානය කිරීම වෙනුවෙන් ඊයේ (13) මාලබේ පිහිටි කඩුවෙල ප්‍රාදේශීය ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේ පැවති උත්සවයකට ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගි වෙමිනි.
     
    ආර්ථික සංවර්ධන අමාත්‍යංශය විසින් ක්‍රියාත්මක දිවි නැගුම වැඩසටහන යටතේ  දිළිඳු පවුල් නගාසිටුවීම සඳහා ස්වයං රැකියා අවස්ථා උදාකරදීමේ අරමුණින් මෙම මහන මැෂින් ප්‍රදානය කෙරිණ.
     
    "අපේ රට කාර්මික නිෂ්පාදන නිපදවන, සුළු සුළු දෙවල් නිපදවන රටක් බවට පරිවර්තනය වෙන්න ඕනේ. ගමේ කොස් ඇටයට, කොස් ගෙඩියට මිලක් ලැබෙන ක්‍රමයක් ඇතිවන්න ඕන. තැඹිලි වතුර ටින් කරලා චීනයට යවන්න පුළුවන් වන ආර්ථික ක්‍රමයක් හදන්න ඕන. අපේ ගම්වල නිකන් නැති නාස්ති වන වටිනා සම්පත්වලට මිලක් ලැබෙන විදිහේ පරිවර්තනයකට අපි ගමන් කරන්න ඕන. එතකොට තමයි තමුන්නාන්සේලාගේ වර්තමාන පරම්පරාව හෝ ඊළඟ පරම්පරාව අඩු අදායම්ලාභී කියන හංවඩුවෙන් ඉවත්වෙලා තමන්ගේ ස්ව ශක්තියෙන් නැගීසිටින්න පුළුවන් සමාජ බලවේගයක් බවට පෙරළෙන්නේ".
     
    රාජ්‍ය සේවය විශාල වශයෙන් ප්‍රසාරණය කිරීමෙන් පමණක් මෙම අභියෝග ජයගත නොහැකි බව පෙන්වාදෙන අමාත්‍යවරයා රාජ්‍ය සේවය සේවා ආර්ථිකයක් බවත් සේවා ආර්ථිකයක් වෙනුවට නිෂ්පාදන ආර්ථිකයේ තමන්ට අයිති භූමිකාවන් ඉටුකරන පරම්පරාවක් මේ රටේ ගොඩනැගෙන්න අවශ්‍ය බවද පෙන්වා දෙයි.
     
    "රජය මේ කරන්නේ තමුන්නාන්සේලාට දිය හැකි සාමාන්‍ය සහයෝගයක්. ඒ සහයෝගය වටිනවා ඔවුන්ට නැගිටින්න. ඒ සහයෝගය මතම ඔබේ අනාගතය දීර්ඝ කාලීනව රඳා පවත්වාගන්න බැහැ. ඔබට සිදුවෙනවා ඔබේ දෙපයින් ජීවිතයේ ඉදිරි අභියෝග ජයගන්න. ඒ ජයගැනීම සඳහා අවශ්‍ය කරන ආර්ථික සමාජ පරිසරය නිර්මාණය කරලා දෙන එක තමයි මේ රජයේ වගකීම හා යුතුකම වෙන්නේ. ඒ කටයුත්ත වෙනුවෙන් අපි අපට පුළුවන් සෑම ආකාරයකින්ම දායක වෙනවා කියන කාරණය අවධාරණය කරනවා". 
     
    අඩු ආදායම්ලාභී ප්‍රජාව වෙනුවෙන් නැගී සිටීම සඳහා අවශ්‍යකරන මූල්‍ය සහයෝගය හා අනෙකුත් ශක්තිය ලබාදීම සමෘද්ධි සහනාධාරය හරහා සිදුවන බවත් මේ ක්‍රමය හරහා එක්තරා ප්‍රමාණයකට අඩු ආදායම්ලාභී ප්‍රජාවගේ ප්‍රමාණය පාලනය කරගන්න යම්කිසි දුරකට රටක් හැටියට හැකියාව ලැබී තිබෙන බවත් අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් පැවසීය.
     
    ආර්ථික සංවර්ධන අමාත්‍යංශය විසින් ක්‍රියාත්මක කරන දිවි නැගුම වැඩසටහන යටතේ  කඩුවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ග්‍රාමසේවා වසම් 57ක් ආවරණය වන පරිදි ක්‍රියාත්මක දිළිඳු පවුල් නඟාසිටුවීමේ ව්‍යාපෘතිය යටතේ අඩු ආදායම්ලාභී පවුල්වල කාන්තාවන් 33 දෙදෙනෙකු සඳහා මහන මැෂින් ප්‍රදානය කිරීම මෙහිදී සිදුකෙරිණ. මේ සඳහා වැයකෙරුණු මුදල රුපියල් ලක්ෂ 7කට අධික වේ.
     
    මෙම අවස්ථාවට බස්නාහිර පළාත් සභා මන්ත්‍රී හෙක්ටර් බෙත්මගේ, කඩුවෙල මහ නගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති බුද්ධික ජයවිලාල්, එහි නාගරික මන්ත්‍රීවරුන් වන දීපාල් හෙට්ටිආරච්චි, මනෝජ් බෙත්මගේ, කඩුවෙල වැඩබලන ප්‍රාදේශිය ලේකම් ජී.එස්.කේ. කන්නන්ගර, සහකාර ප්‍රාදේශිය ලේකම් සම්පත් ඉඩම්ගොඩගේ මහත්වරු ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ.
     
    DB
     
    kaduwela juki 1
     
     
     
    kaduwela juki 2
     
     
     
    kaduwela juki 3
     
     
     
    kaduwela juki 4

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya