අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නුවරඑළියට විසිතුරු මල් මධ්‍යස්ථානයක්

    මැයි 14, 2014
    අපනයන වෙළඳපොළ ඉලක්ක කර ගනිමින් නුවරඑළිය දිස්ත‍්‍රික්කය තුළ විසිතුරු මල් එකතු කිරීම, මිලදී ගැනීම, බෙදාහැරීම සහ ව්‍යවසායකයින් පුහුණු කිරීම සඳහා අංග සම්පූර්ණ මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීමට කටයුතු කරන බව ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ප‍්‍රකාශ කළේය.
     
    අමාත්‍යවරයා මෙම තීරණය ගනු ලැබුවේ විසිතුරු මල් වවන්නන් සහ රජයේ නිලධාරීන් සමග පැවති සාකච්ඡාවකදී නුවරඑළිය සමුපකාර මල් සංගමය විසින් කරනු ලැබූ ඉල්ලීමකට අනුවය.
     
    කාන්තාවන් 12 දෙනෙකුගෙන් 2004 වර්ෂයේදී ආරම්භ කරනු ලැබූ නුවරඑළිය සමුපකාර මල් සංගමය  මේ වන විට සාමාජිකයින් 532 දක්වා පුළුල්වී ඇති අතර ඔවුන් අතර රුපියල් 25, 000 සිට ලක්ෂ 05 දක්වා මාසික ආදායම් ලබන්නන් වෙති. මේ වන තෙක් ඔවුන්ට මල් එකතුකිරීමේ මධ්‍යස්ථානයක් නොමැතිවීම නිසා මල් අපනයන කිරීමට ඇති හැකියාව මගහැරී ගොස් තිබේ. 
     
    මෙම මධ්‍යස්ථානය ඉදිකිරීම තුළින් එම වගාකරුවන් මුහුණ පා තිබෙන ගැටලුවලට විසඳුම් ලැබෙන අතර එමගින් රටේ අපනයන ආදායම සඳහා ඔවුන්ට දායකවීමට ඇති හැකියාවද එම සංගමය පෙන්වා දුන්නේය.
     
    නුවරඑළිය, ගම්පහ සහ හම්බන්තොට යන දිස්ත‍්‍රික්කවලට පටක රෝපණාගාර ඉදිකර එම ප‍්‍රදේශවල මල් වගාකරුවන් පුහුණු කිරීමේ කටයුතු සහ අවශ්‍ය පැළ වර්ග ලබාදීමට කටයුතු කරන ලෙස අමාත්‍යවරයා මෙහිදී ජාතික උද්භිද විද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.
     
    මෙම අවස්ථාවට ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය සුසන්ත පුංචිනිළමේ, ආර්ථික සංවර්ධන අමාත්‍යංශයේ අතිරේක ලේකම් ශාන්ත බණ්ඩාර, ජාතික උද්භිද විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සිරිල් විජේසුන්දර යන මහත්වරුන් ඇතුළු රජයේ ජ්‍යේෂ්ඨ නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.
     
    DB
     
    MP-br meeting flower
     
    MP-br meeting flower 2

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya