අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කොළඹ නගරයේ හොඳම හෝටල් සඳහා විශිෂ්ටතා සම්මාන

    මැයි 13, 2014
    කොළඹ නගරයේ හොඳම හෝටල්, බේකරි සහ ආපන ශාලා සඳහා විශිෂ්ටතා සම්මාන ප‍්‍රදානය කිරීමේ උත්සවය ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ (12) කොළඹ කිංග්ස්බරි හෝටලයේ දී පැවැත්විණි.
     
    කොළඹ නගර සභාවේ ජන සෞඛ්‍ය දෙපාර්තමේන්තුව විසින් මෙම උත්සවය සංවිධානය කරනු ලැබ තිබුණි. මෙහිදී කොළඹ නගරයේ පවතින හෝටල්, ආපන ශාලා සහ බේකරි  අතරින් විශිෂ්ට තත්ත්වයේ පවතින ව්‍යාපාර 90 වෙත සම්මාන ප‍්‍රදානය කිරීම සිදු විය. 
     
    කොළඹ නගරයේ හොඳම හෝටල්, බේකරි සහ ආපන ශාලා ඇගයීම වෙනුවෙන් මෙම සම්මාන ප‍්‍රදාන උත්සවය 2007 වසරේ ආරම්භ විය. මෙවර සම්මාන ප‍්‍රදානය පැවැත්වූයේ 7 වන වරටය.
     
    මෙම අවස්ථාවට නගරාධිපති ඒ.ජේ.එම්. මුසම්මිල්, උප නගරාධිපති ටයිටස් පෙරේරා, කොළඹ නගර සභාවේ ජන සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ ප්‍රධාන වෛද්‍ය නිලධාරි ප්‍රදීප් කාරියවසම් යන මහත්වරු ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ.
     
    DB
     
     
    COLOMBO HOTELS 1
     
     
     
    COLOMBO HOTELS 2
     
     
     
     
    COLOMBO HOTELS 3

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya