අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පරිසරය සුරකිමින් සංවර්ධනය කරා ළඟාවීම අපේ ඉලක්කයයි

    මැයි 13, 2014

    මහින්ද චින්තනයේ සඳහන් වන පරිදි රටේ වේගවත් සංවර්ධනයට සමගාමීව වසර 30ක් තුළ  ශ්‍රී ලාංකීය ජනතාවට අහිමි වී තිබූ සියලු සංවර්ධනය, සෑම අංශයකම ගුණාත්මකභාවය සහ පරිසරයට සිදු වූ හානිය අවම කර ගැනීම සඳහා පරිසරය සුරකිමින් එම සංවර්ධනය ඇති කිරීම අපේ ප්‍රධාන ඉලක්කය බව පරිසර හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය ගරු සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසීය. 


    අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ඊයේ (12) බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවති "ජාතික හරිත සම්මාන ප්‍රදානෝත්සවය 2013/2014" උළෙල අමතමිනි.

     

    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා රාජ්‍ය ආයතන, පෞද්ගලික ආයතන සහ ජනතාවගේ අවධානය පරිසරය වෙත යොමු කිරීම අරමුණු කර ගනිමින් ජාතික හරිත සම්මාන උළෙල ආරම්භ කළ බව ඔහු පැවසීය. එසේම වර්තමානය ලෝකයේ සියලු රටවල් දේශගුණික විපර්යාසවලට භාජනය වෙමින් පවතින වකවානුවක් වන අතර මධ්‍යම පරිසර අධිකාරිය මේ සඳහා වැඩසටහන් රාශියක් නිකුත් කර තිබෙන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

     

    ඒ අනුව අද අධිවේගී මාර්ග හැදෙන සෑම අවස්ථාවකදීම ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි කාපට් ඇතිරූ මාර්ග, හරිත වර්ණයෙන් පැහැගැන්වීම සඳහා මාර්ග දෙපස ඒ ඒ ප්‍රදේශවලට යෝග්‍ය වන ශාක ව්‍යාප්තිය ආරම්භ කර තිබේ. මේ සංවර්ධනය හුදු සංවර්ධනයක් නොව පරිසරය සංරක්ෂණය කෙරෙන, ජනතාවට සේවයක් සැලසෙන, සතා සිව්පාවුන් රැකෙන ආකාරයෙන් සිදුවන්නක් බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

     

    2011 වසරේදී ආරම්භ කළ ජාතික හරිත සම්මාන උළෙල මේ වසරේ පැවැත්වූයේ තෙවන වරටය. මෙහිදී කර්මාන්තකරුවන්, පාසල්, රාජ්‍ය ආයතන හා සේවා සපයන්නන් වෙත රන්, රිදී, ලෝකඩ හා කුසලතා සම්මාන යන කාණ්ඩ යටතේ සම්මාන ප්‍රදානය කෙරිණි.

     

    පරිසර හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් බී.එම්.යූ.ඩී. බස්නායක, මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති විජයවන්ත ප්‍රතාපසිංහ, එහි අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය සාරංග අලහප්පෙරුම යන මහත්වරුන් ඇතුළු අමාත්‍යාංශ නිලධාරීන් හා සම්මානලාභීහු මේ අවස්ථාවට එක්ව සිටියහ.

     

    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya