මැයි 04, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජූනි මාස‍යේ සිට ජනමාධ්‍ය අමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් මහනුවරදී මාධ්‍ය සාකච්ඡාවක්

    මැයි 13, 2014

    එළඹෙන ජූනි මාසයේ සිට සෑම මසකම දෙවැනි සතියේ සඳුදා දිනවල මහනුවරදී ප්‍රවෘත්ති සාකච්ඡාවක් පැවැත්වීමට කටයුතු කරන බවත් මහනුවර දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක කෙරෙන සංවර්ධන කටයුතු සහ විශේෂ වැඩසටහන් පිළිබඳ ජනමාධ්‍ය දැනුවත් කිරීමේ අරමුණින් මෙම ප්‍රවෘත්ති සාකච්ඡාව පවත්වන බවත් ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි. 


    දිස්ත්‍රික් මට්ටමින් සිදු කෙරෙන සංවර්ධන කටයුතු ගැන ජනතාව දැනුවත් කිරීමේ අරමුණින් මෙම සාකච්ඡාව පවත්වන බවත් එය සෙසු දිස්ත්‍රික්කවලටද ව්‍යාප්ත කළ හැකි බවත්  අමාත්‍යවරයා සඳහන් කළේය.

     

    අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ අද (13) මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය කාර්යාලයේ පැවති විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය.

     

    පසුගිය වසර කිහිපය සමඟ සසඳන විට මෙම වසරේ සමස්ත රටේම සංවර්ධන කටයුතු ඉහළ ගොස් ඇති බව පැවසූ අමාත්‍යවරයා මහනුවර දිස්ත්‍රික්කයේ සංවර්ධනයට පමණක් රුපියල් ලක්ෂ 38640ක මුදලක් වෙන් කොට ඇති බව පෙන්වා‍ දුන්නේය. මෙවැනි මුදල් ප්‍රමාණයක් මින් පෙර කිසි අවධියක මහනුවර දිස්ත්‍රික් සංවර්ධනයට යොදවා නොමැති බව පැවසූ අමාත්‍යවරයා අදාළ සංවර්ධන කටයුතු නිසි කලට වේලාවට අවසන් කිරීමට රජයේ නිලධාරීන්ගේ කැපවීම සහ සහය අවශ්‍ය බවද පැවසීය. 

    එබැවින් එළැඹෙන ඕනෑම මැතිවරණයකදී ඒ සඳහා ඉදිරිපත් වීමට රජය බිය නොවන බව පැවසූ අමාත්‍යවරයා රටේ ජනතාව එහිදී නිසි තීන්දුවක් ලබා දෙනු ඇති බවද කීය. අතීතයේ මෙන් නොව වර්තමානයේදී ශ්‍රී ලාංකීයයන් ඉතා බුද්ධිමත් බව පැවසූ ඔහු කැපුවත් කොළ, කැපුවත් නිල් යනුවෙන් තිබූ සාම්ප්‍රදායික සිතුවිලි ජනතාව ඉවත දමා ඇති බවද පෙන්වා දුන්නේය. අද ජනතාව තම ඡන්දය ප්‍රකාශ කිරීමේදී ඒ වන විට රටේ පවතින සමාජ තත්ත්වය, සංවර්ධනය, දේශපාලන සහ ආර්ථික තත්ත්වය යන සෑම කරුණක් ගැනම අවධානය යොමු කොට හොඳින් සිතා බලා තම තීන්දුව ප්‍රකාශ කරන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

     

    මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක මහතා ද මේ අවස්ථාවට එක්ව සිටියේය.

     

    NDH/TA_dmu_kandy

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya