අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අඟුණුකොළපැලැස්ස නව බන්ධනාගාරයට මුල්ගල තැබීම අද

    මැයි 16, 2014

    අඟුණුකොළපැලැස්ස නව බන්ධනාගාරය ඉදිකිරීම සඳහා මුල්ගල තැබීම කතානායක චමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (16) පෙරවරු 9.55ට යෙදෙන සුබ මොහොතින් සිදු කෙරේ.


    ජනාධිපතිතුමාගේ චින්තනයට අනුව බන්ධනාගාර විතැන් කිරීමේ වැඩ සැලැස්ම යටතේ පුනරුත්ථාපන හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය චන්ද්‍රසිරි ගජදීර මහතාගේ මෙහෙවීම හා මඟපෙන්වීම මත තංගල්ල බන්ධනාගාරය විතැන් කිරීමේ අරමුණින් මේ නව ඉදිකිරීම කරනු ඇත.


    අක්කර 58ක භූමි භාගයක් තුළ ඉදිකිරීමට නියමිත මේ බන්ධනාගාරය සඳහා වැය කරනු ලබන මුදල රුපියල් මිලියන 4996කි. මේ ව්‍යාපෘතිය 2015 වසරේදී නිම කිරීමට අපේක්ෂිතය. නව බන්ධනාගාරය ඉදිකිරීමෙන් පසු තංගල්ල රිමාන්ඩ් බන්ධනාගාරයේ සිටින රැඳවියන් සියලු දෙනාත් වැලිකඩ බන්ධනාගාරයේ සිටින රැඳවියන් 1000ක් පමණ ද එයට විතැන් කිරීමට නියමිතය. මෙහි රැඳවියන් 2000ක් පමණ රඳවා තැබිය හැකියි.


    මේ නව බන්ධනාගාරයේ රෝහලක්, වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයක්, කර්මාන්ත සඳහා වෙනම ගොඩනැගිල්ලක්, නිලධාරීන් සඳහා නිල නිවාස 140ක් ද තනිකඩ නිල නිවාස ද ඇතුළත් වේ. මෙහි මීටර් 4000ක ධාවන පථයකින් යුත් ක්‍රීඩාංගණයක්, මීටර් 25කින් යුත් නාන තටාකයක්, ගෘහස්ත ක්‍රීඩාංගණයක් හා බන්ධනාගාර නිෂ්පාදන වෙළෙඳ සංකීර්ණයක් ද ඉදිකිරීමට නියමිතය.

     

    පුනරුත්ථාපන හා බන්ධනාගාර නියෝජ්‍ය අමාත්‍ය චන්ද්‍රසිරි මුතුකුමාරණ, ආපදා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර, හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ යන මහත්වරුන් ද මේ අවස්ථාවට සහභාගී වීමට නියමිතය.

     

    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya