අප්‍රේල් 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වයඹ අලි වැටට මිලියන 85ක් වෙන් කර තියෙනවා

    මැයි 13, 2014

    කුරුණෑගල දිස්ත්‍රික්කයේ ප්‍රබල සමාජ ප්‍රශ්නයක්ව තිබෙන අලි මිනිස් ගැටුම නිරාකරණය කිරීම වෙනුවෙන් අලි වැටක් ඉදිකිරීම සඳහා රුපියල් මිලියන 85ක මුදලක් වෙන් කිරීමට ජනාධිපතිතුමාගේ මැදිහත්වීමෙන් කටයුතු යොදා ඇති බව වයඹ ප්‍රධාන අමාත්‍ය නීතිඥ දයාසිරි ජයසේකර මහතා පැවසීය.


    කුරුණෑගල දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ සම සභාපතිවරුන් වන සමූපකාර හා අභ්‍යන්තර වෙළෙඳ කටයුතු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු සහ වයඹ ප්‍රධාන අමාත්‍ය නීතිඥ දයාසිරි ජයසේකර යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ඊයේ (12) කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී අලි වැට ඉදිකිරීම සම්බන්ධයෙන් පැවති විශේෂ සාකච්ඡාවේදී මේ ගැන පැවසීය.


    මෙහිදී අදහස් දැක්වූ ප්‍රධාන අමාත්‍යවරයා, වන අලි ගැටලුව නිසා අලින් මෙන්ම මිනිස් ජීවිතද ගොඩක් නැති වුණා. මේ ප්‍රශ්නය ආර්ථිකයට පවා බලපානවා. මේ අවස්ථාවේදී ජනතාවගේ මැදිහත්වීමෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ දැනට පවතින අලි වැටෙන් කිලෝ මීටර 56ක දුරක් ප්‍රතිසංස්කරණය කරන අතර අලුතෙන් කිලෝ මීටර 155ක් ඉදිකිරීමට ද කටයුතු කරනවා. මේ කාර්යය සාර්ථක කරගැනීම සඳහා ප්‍රාදේශීය ලේකම්තුමන්ලා, සිවිල් ආරක්ෂක බලකාය සහ ගොවි සංවිධාන විශාල කැපකිරීමක් කළා. ඒ වගේම වන ජීවී සහ වන සංරක්ෂණ ආයතනවල නිලධාරීන් විශාල සහයෝගයක් දුන්නා. ඒ වගේම ගොවි සංවිධාන සහ සිවිල් ආරක්ෂක බලකායේ නිලධාරීන් ආරක්ෂක කමිටු පිහිටුවා ගෙන මේ උවදුරෙන් ජනතාව ආරක්ෂා කරගැනීමට වැඩකරන බවද ඔහු කීය.


    වන අලින්ගේ ජාල අවශ්‍යතා වෙනුවන් පොල්පිතිගම ආසනයේ වැව් හතරක් හදනවා. ගල්ගමුව ආසනයේ සහ ගිරිබාව ආසනයේ වැව් අටක් ප්‍රතිසංස්කරණය කරන්න කටයුතු සකස් කරලා තියනවා. තවත් කල් නොයවා සති දෙකක් වැනි කාලයක් තුළ අලි වැට ඉදිකිරීමේ කටයුතු ආරම්භ කරන බවත් ප්‍රධාන අමාත්‍යවරයා සඳහන් කළේය.

    ගල්ගමුව ආසන සංවිධායක සහ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී තාරානාත් බස්නායක සහ කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් එච්.එම්.පී. හිටිසේකර යන මහත්වරුන් ඇතුළු නිලධාරීන්, ගොවි සමිති නියෝජිතයන් මේ අවස්ථාවට සහභාගී වූහ.

     

    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya