අප්‍රේල් 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සමාජ ආරක්ෂණ විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමය වෙනුවෙන් කැප වූ මහනුවර නිලධාරීන් ඇගයීමක්

    මැයි 13, 2014

    ශ්‍රී ලංකා සමාජ ආරක්ෂණ මණ්ඩලයේ සමාජ ආරක්ෂණ විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමය සඳහා පසුගිය කාලයේදී වැඩිම දායකයන් බඳවාගත් නිලධාරීන් ඇගයීමේ විශේෂ උත්සවයක් අද (13) පස්වරු 1.30ට මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවනාගාරයේදී පැවැත්වේ.


    මෙහිදී මහනුවර දිස්ත්‍රික්කයෙන් සමාජ ආරක්ෂණ විශ්‍රාම වැ‍ටුපට දායකයන් බඳවා ගැනීමට කටයුතු කළ මහනුවර දිස්ත්‍රික්කයේ සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අයත් විවිධ මට්ටම්වල නිලධාරීන් ඇගයීම, තිළිණ සහ සහතිකපත් ප්‍රදානය කිරීමට නියමිතය.

     

    සමාජ ආරක්ෂණ මණ්ඩලයේ සභාපතිනී නීතීඥ සුමනා ආරියදාස මහත්මියගේ සහ මහනුවර දිසාපති එච්.එම්. ගාමිණි සෙනෙවිරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම උත්සවය සමාජ ආරක්ෂණ මණ්ඩලයේ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කාර්යාලය මඟින් සංවිධානය කරනු ඇත.

     

    NDH/TA-dmu kandy

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya