අප්‍රේල් 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ප්‍රාචීන ප්‍රාරම්භ විභාගයෙන් විශිෂ්ට ලෙස සමත් පැවිදි ශිෂ්‍යයන්ට මැලේසියාවේ අධ්‍යාපන චාරිකාවක්

    මැයි 12, 2014

    විභාග දෙපාර්තමේන්තුව මඟින් 2013 වර්ෂයේ පවත්වන ලද ප්‍රාචීන ප්‍රාරම්භ විභාගයෙන් දිවයිනෙන් ඉහළින් සමත් පැවිදි ශිෂ්‍යයන් 6 නමක් මැලේසියාවේ සති දෙකක විදේශ අධ්‍යාපන චාරිකාවක් සඳහ වන ගුවන් ටිකට්පත් ලබාදීම ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ හා අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (11) අධ්‍යාපන අමාත්‍යාංශයේදී පැවති ජාතික අධ්‍යාපනික පොත් ප්‍රදර්ශනය හා සල්පිලෙහි අවසන් උත්සව අවස්ථාවේදී සිදු කෙරිණි.


    අධ්‍යාපන අමාත්‍යාංශයේ පිරිවෙන් ශාඛාව මඟින් මේ සඳහා කටයුතු සම්බන්ධීකරණය කරන අතර මැලේසියාවේ සෙන්තුල් හි ශ්‍රී ලංකා මහා විහාරාධිපති මැලේසියාවේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය බූටාවත්තේ සරණංකර නායක ස්වාමීන් වහන්සේ විසින් මේ සඳහා අනුග්‍රහය ලබා දෙනු ලැබූහ.


    මෙම අවස්ථාවට විද්‍යෝදය පරිවේනාධිපති දර්ශනපති පූජ්‍ය බලංගොඩ සෝභිත නායක ස්වාමීන් වහන්සේ, අධ්‍යාපන අමාත්‍යංශයේ පිරිවෙන් අධ්‍යාපන ශාඛාවේ නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ පූජ්‍ය වටිනාපහ සෝමානන්ද ස්වාමීන් වහන්සේ, අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් අනුර දිසානායක මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.


    HC/kpm

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya