අප්‍රේල් 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මාතලේ දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටුව හෙට රැස්වේ

    මැයි 12, 2014

    මාතලේ දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටු රැස්වීම හෙට (13) පෙ.ව. 9.30ට මාතලේ අතිරේක දිස්ත්‍රික් ලේකම් තේජානී තිලකරත්න මහත්මියගේ ප්‍රධානත්වයෙන් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී පැවැත්වේ.


    මාතලේ දිස්ත්‍රික්කයේ කෘෂිකාර්මික බෝග වගාවන් වන වී, බීළූණු, මිරිස් සහ අනෙකුත් එළවළු වර්ග සහ පලතුරු වගාවන්ට අදාළ ගැටලු, වගා ව්‍යාප්තිය, වෙළෙඳපොළ සහ මිල ගණන් පිළිබඳ ව මෙහිදී සාකච්ඡා කිරීමට නියමිතය.


    මේ අවස්ථාවට නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂ ප්‍රසන්න පලේමුල්ල මහතා ඇතුළු කෘෂිකාර්මික අංශයට සම්බන්ධ නිලධාරීන්, ගොවිජන සේවා නිලධාරීන් සහ ගොවි සංවිධාන නියෝජිතයන් රැසක් සහභාගිවීමට නියමිතය.

     

    මෙදින ම ප.ව. 1.30ට දිස්ත්‍රික් පරිසර නීති ක්‍රියාත්මක කිරීමේ කමිටු රැස්වීම ද දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවනාගාරයේදී පැවැත්වේ.

     

    NDH/GNK-ISB dmu matale

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya