අප්‍රේල් 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ලග්ගල සහ විල්ගමුවේ හෙක්ටයාර් 2000ක අලුතින් බීළූණු වගා කරනවා

    මැයි 12, 2014

    මෙවර යල කන්නයේ ලග්ගල සහ විල්ගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස තුළ හෙක්ටයාර් 2000ක අලුතින් බීළූණු වගා කිරීමට බලාපොරොත්තු වන බව මාතලේ දිස්ත්‍රික් ලේකම් හෙලන් ඒ. මීගස්මුල්ල මහත්මිය පැවසුවාය.


    දිසාපතිනිය මේ අදහස් ප්‍රකාශ කළේ පසුගියදා මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේ පැවති දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමට සහභාගි වූ අවස්ථාවේදීය.


    දිස්ත්‍රික්කයේ බීළූණු බීජ හිඟයක් පැවතීමට ප්‍රධාන හේතුව වන්නේ මෙවර බීළූණු බීජ වගා කිරීමට ඉදිරිපත් වූ ගොවීන්ගේ සංඛ්‍යාව අඩුවීමයි. ඊට පිළියමක් ලෙස දැනට ඉන්දියාවෙන් බීළූණු බීජ කිලෝ ග්‍රෑම් 100ක් ආනයනය කර 50%ක දායකත්ව පදනම මත ගොවීන් අතර බෙදාදීමට කටයුතු කළ බවත් බීළූණු ගොවීන් සඳහා දැනටමත් ආනයනික බීජ රුපියල් 3889.00ක් වැනි මුදලකට මිලදී ගැනීමට පහසුකම් සලසා ඇති බවත් දිසාපතිවරිය සඳහන් කළාය.


    මෙවර යල කන්නය සඳහා දඹුල්ල, කිබිස්ස,ලග්ගල සහ විල්ගමුව ප්‍රදේශවල වගා කර ඇති ලොකු ළූණුුවලින් මෙට්ට්‍රික් ටොන් ලක්ෂයක ඵලදාවක් තමා බලාපොරොත්තු වන බවත් දිසාපතිතුමිය වැඩිදුරටත් සදහන් කළාය.

     

    කර්මන්ත හා වාණිජ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් වසන්ත පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මේ රැස්වීම සඳහා දිස්ත්‍රික්කයේ අනෙකුත් දේශපාලන නායකයන් සහ රජයේ නිලධාරීහු සහභාගී වූහ.

     

    NDH/GNK-ISB-dmu matale

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya