අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ලෝක උරුම දුම්බර වනපෙතට එනසාල් වගාවෙන් හානියක් නැහැ

    මැයි 12, 2014

    ඉංග්‍රීසි ආණ්ඩු කාලයේ සිට අපේ මුතුන්මිත්තන් වගා කරගෙන එන එනසාල් වගාවෙන් පරිසරයට හෝ දුම්බර වනපෙතට කිසිදු ආකාරයේ හානියක් සිදු නොවන බවත් ෆයිනස් වගාවෙන් මේ ප්‍රදේශවල පාංශු ඛාදනය වැළැක්වීමට හේතු වන බවත් කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය නීතිඥ ලක්ෂ්මන් වසන්ත පෙරේරා මහතා පැවසීය.


    අමාත්‍යවරයා මේ අදහස් ප්‍රකාශ කළේ පසුගියදා මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී පැවති දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමට සහභාගී වූ අවස්ථාවේදීය.


    එනසාල් වගාකරුවන් කැලෑ විනාශ නොකරන අතර ඔවුන් වනපෙත් ආරක්ෂා කිරීමට කටයුතු කරන බවත් මේ ප්‍රදේශය අද ලෝක උරුමයන් බවට පත් කර තිබුණත් පාරම්පරික ගම්වල ජීවත් වූ ජනතාවට ඔවුන්ගේ අයිතීන් ලබාදීමට කටයුතු කළ යුතු බවත් ඔහු සඳහන් කළේය.


    දැනට මේ ප්‍රදේශවල එනසාල් ප්‍රධාන ජීවනෝපාය කරගත් පවුල් 400ක් පමණ සිටිති. සුළු අපනයන බෝගයක් ලෙස එනසාල් සඳහා ලෝකයේ හොඳ ඉල්ලුමක් ඇති අතර අද වෙළෙඳපොළේ ද එනසාල් කිලෝ ග්‍රෑම් එකක් රුපියල් 7000කට පමණ අලෙවි වනු ඇත. අපේ රටේ එනසාල් වගාව මේ ආකාරයෙන් තුරන් වී ගියහොත් සුළු අපනයන බෝගයක් ලෙස එනසාල් ඉන්දියාව වැනි රටවලින් ආනයනය කිරීමට සිදු විය හැකියි. පසුගිය කාලයේ එනසාල් වගාව වැඩිදියුණු කිරීම සඳහා රුපියල් ලක්ෂ 500ක් වියදම් කර මාඋස්සාකැලේ එනසාල් පර්යේෂණ ආයතනයක් ඉදිකොට ඇති බවත් එනසාල් නැවත වගාකිරීමට කටයුතු කළ යුතු බව ත් අමාත්‍යවරයා පැවසීය.


    මේ අවස්ථාවට මාතලේ දිස්ත්‍රික් ලේකම් හෙලන් ඒ. මීගස්මුල්ල මහත්මිය ඇතුළු දිස්ත්‍රික්කයේ විවිධ අමාත්‍යාංශ හා දෙපාර්තමේන්තු නියෝජනය කරන නිලධාරීන් සහ ස්වේච්ඡා සංවිධාන සාමාජිකයන් රැසක් සහභාගී වූහ.

     

    NDH/GNK-ISb-dmu matale

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya